මිරිස් කල් තබා ගන්න අලුත් ක්‍රමයක්..

අවශ්‍ය දේවල්:

  • මිරිස් වර්ගයක්
  • මුදවපු කිරි හෝ යෝගට්
  • ලුණු

සාදා  ගන්නා ආකාරය:

  • මිරිස් සෝදා වතුර බේරෙන්නට තබන්න.
  • නැටි ඉවත් නොකර දෙකට පලා ගන්න.
  • මුදවපු කිරි හෝ ප්ලේන් යෝගට් සමඟ ලුණු දමාගෙන හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න.
  • බඳුනකට ඒ කිරි මිශ්‍රණය සහ මිරිස් කරල් දමා ගන්න
  • මිරිස් කිරි මිශ්‍රණයේ ගිලෙන්නට හරින්න.
  • මෙය වසන්නේ නැතුව හොඳට හිරු එළිය වැටෙන්නට තබන්න.
  • රාත්‍රියේ ආවරණය කර තබා ගන්න.
  • මේ ආකාරයට කිරි මිශ්‍රණය වියළී යන තුරු සතියක් අව්වේ තබා ගන්න.
  • සතිය අවසන් වන විට මිරිස් සුදු පැහැයට හැරෙනු ඇත.
  • මුදවපු කිරි මිශ්‍රණයේ වතුර සම්පූර්ණයෙන්ම හිඳුනු පසුව මිරිස් කරල් එකින් එක ගෙන තැටියක දමා ගෙන තද අවුවේ හොඳින් දවස් 3-5ක් පමණ වේලා ගන්න.
  • ඉන් පසු ජීවාණුහරණය කර ගත් භාජනයක අහුරා ගන්න.
  • අවශ්‍ය වූ ගැඹුරු තෙල් වල බැදගෙන ආහාරයට ගන්න.

ඔබට කැමති  මිරිස් වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles