ඔබේ මංගල දිනයේ සැහැල්ලුවෙන් ඉන්න Smart tips කිහිපයක්!

0
1899

අප සහභාගීවන බොහෝ විවාහ මංගල්‍ය උත්සව වලදී නිතර දකින්න ලැබෙන දෙයක් තමයි මනාලිය සෙනඟ පිරුණු බසයක දුර ගමනක් ගිහින් ඇවිත් වගේ මලානික මහන්සියෙන් පිරුණු මුහුණින් සිටීම.එය ඇත්තටම ඇගේ ජීවිතයේ සතුටුදායකම දිනයමදැයි සැක සිතෙන තරමටම ඇය සිටින්නේ විඩාවට පත්වී. මේ පුංචි කරුණු ටික ගැන සැලකිල්ලක් දැක්වූවොත් ඔබට ඔබේ මංගල දිනයේ ජීවයෙන් පිරිපුන් මනාලියක් විය හැකියි.

  1. සැහැල්ලුවෙන් සිටින්න. ඔබ මොනතරම් හොඳින් සැලසුම් කලත් වළක්වන්න බැරි දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා සියල්ල අමතක කර සිටින්න.
  2. උත්සවයට පෙර හොඳ ආහාරවේලක් ලබාගන්න. මන්ද ප්‍රධාන ආහාර වේල පිළිගන්වනතෙක් ඔබට ආහාර ගැනීමට වෙලාවක් නොමැතිවේවි. කුසගින්නේ උත්සවයට සහභාගීවීම ඔබට මහත් හිරිහැරයක් වියහැක.
  3. පෙර දින රැයේ අවම වශයෙන් පැය 5කවත් නින්දක් ලබාගන්න. නින්ද නොමැති වීමෙන් මුහු‍ණේ ඇතිවක විඩාබර බව මේකප්වලින් වහන්න අමාරුයි.
  4. ඔබට සූදානම්වීමට අවශ්‍ය කාලය ලබාගන්න. යෙහෙළියන් සමඟ විනෝදයෙන් ඔබේ වෙලාව අරගෙන හොඳින් සූදානම් වන්න.
  5. මතක ඇතිව අනිවාර්යයෙන්ම සැහැල්ලු flats දෙකක් ළඟ තබාගන්න. දිගුවේලාවක් නර්ථනයේ යෙදෙන්න වගේම back up සපත්තු දෙකක් විදිටත් ප්‍රයෝජනවත් වේවි.

මේ පුංචි කරුණු ටික මතක තියාගෙන සැරසුනොත් ඔබේ මංගල දිනය වඩාත් සොඳුරු සතුටුදායක දිනයක් ලෙස ගතකරන්නට ඔබට හැකිවේවි.

– කල්හාරි –