ඔලිව් ඔයිල් වල බහා ආහාර කල් තබා ගනිමු.

මේ ක්‍රමයට වම්බටු, මාළු මිරිස්, සුදු ලූනු වගේ දේවල් කල් තියාගන්න පුළුවන්. මේකත් කෙලින්ම කෑමට ගන්න හෝ සාදාගන්නා කෑමකට බාවිතා කරන්න ගන්න පුලුවන්.
 
අවශ්‍ය ද්‍රව්‍ය

  • වම්බටු, සුදු ලූනු හෝ මාලු මිරිස්
  • තෙල්
  • ඔලිව් තෙල් කප් 2
  • විනාකිරි මේස හැන්දක්
  • ලුණු ටිකක්
  • කෑලි මිරිස් ටිකක්

සාදා ගන්නා ආකාරය.

  • වම්බටු හෝ මාලු මිරිස් පෙර සේම ගැඹුරු තෙලේ විනාඩියක් පමණ බැදගෙන තෙල් බේරෙන්න තබන්න. මාළු මිරිස් වල පොත්ත ගලවා දමන්න.
  • ඔලිව් තෙල් කප් 2ට, විනාකිරි මේස හැන්දක්, ලුණු ටිකක්, කෑලි මිරිස් ටිකක් දමා මිශ්‍ර කර බැදගත් බටු, මාළු මිරිස් හෝ සුදු ලූනු එයට දමා. උණුවතුරෙන් තම්බා වියලාගත් වීදුරු බෝතලයක දමා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles