හෙට වෙනුවෙන් අද වවන්න-වම්බටු.

ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද ?

මුලින්ම තීරණය කරන්න ඕනා හිටවන්නේ කොතැනද කියලා ?
ඔබේ ගෙවත්තේ ඉඩ තියෙනවා නම් බිම හෝ ඉඩ නැතිනම් පෝච්චියක සිටුවා ගන්නට පුළුවන්.

බිම සිට වනවානම් වල් පැළෑටි ඉවත් කර පස හොඳින් බුරුල් කර ගන්න.සෙන්ටිමීටර තිහක් පමණ ගැඹුරු සෙන්ටිමීටර තිහක් පමණ පළල් වලවල් කපා ගන්න .පැන සිටුවන්නට දින දෙක තුනකට කලින් කාබනික පොහොර පස් සමඟ මිශ්‍ර කර වලවල් පුරවන්න.පේළි අතර පරතරය සෙන්ටිමීටර අනූවක් පමණ තබා ගන්න .පැළ අතර පරතරය සෙන්ටි මීටර් 60 ක් පමණ තබා ගන්න .

ඔබ පෙර තවාන් දැමූ දින විසි පහක් තිහක් පමණ වයසැති පැල එක් වලක දෙක බැගින් සිටුවන්න.
මුල් හොඳින් පසට යට කරන්න .ජලය දමන්න .දැඩි අව්වට නිරාවරණය කරන්නට එපා.සෙවන සඳහා කිසියම් ආවරණයක් යොදා ගන්න.

රසායනික පොහොර යොදනවා නම් යූරියා කොටස් එකක් සාන්ද්‍ර සුපර් පොස්පේට් කොටස් හතරක් මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක්  සමග මිශ්‍ර කර ගිනිපෙට්ටි පියන් දෙකක් වළකට දමා මිශ්‍ර කරන්නට පුළුවන්.

සිටුවා සති හතරක් හා සති අටේදී යූරියා පොහොර ගිනි පෙට්ටි එකක ප්‍රමාණය වලකට යොදන්න.
මාසයකට වාර තුනක් පමණ යූරියා කොටස් එකක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක්  මිශ්‍ර කර ගිනි පෙට්ටි පියන් එක බැවින් වලකට යොදන්න.
නිතරම ප්‍රධාන කන්දේ පහළින් එන අතු ඉවත් කරන්න.

මාස දෙක හමාරකින් පමණ අස්වනු නෙලීම ආරම්භ කරන්නට පුළුවන්.

Related Articles

Don't Miss


Latest Articles