හෙට වෙනුවෙන් අද වවන්න – දඹල

ඔබ දන්නවා කොරෝනා වෛරසය නිසා අප හැමෝගෙම ජීවිතය ලොකු වෙනසකට ලක් වෙලා තියෙනවා .ආහාර පාන ලබා ගැනීමට තව දුරටත් මුදල් කියන්නේ ඉහළ ම සාධකයක් නෙවෙයි.ඉතින් මේ ලැබෙන විවේකයේ සුලුවෙන් හරි වවාගමු නේද ?

සාමාන්‍ය බිම සිටුවීම සිදුකරනවා නම් වල් පැළෑටි ඉවත් කර පස හොඳින් බුරුල් කරගන්න.
සෙන්ටි මීටර් 30 ක් ගැඹුරට සහ පළලට වලවල් කපා ගන්න .
බීජ සිටුවීමට දින හතරකට පමණ පෙර දිරූ කාබනික පොහොර පස් සමඟ මිශ්‍රකර වලවල් වලට දමන්න .
පේළි අතර පරතරය සෙන්ටි මීටර් 75 ක් පමණත් පැල අතර පරතරය සෙන්ටි මීටර් හැටක්  පමණ තබන්න .
එක් වලකට බීජ එකක් දෙකක් පමණ දමන්න .
බීජ සිටුවීමට දින තුනකට පමණ පෙර සකසාගත් වලවල් වලට පොහොර මිශ්‍ර කරන්න .සාන්ද්‍ර  සුපර් පොස්පේට් කොටස් තුනක් ,මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක්,සමග මිශ්‍ර කර වලවල් තුනකට ගිනිපෙට්ටි පියන් එකක් දමන්න .
බීජ සිටුවා සති තුනකට පසු සහ සති පහකට පසු මතුපිට පොහොර යොදන්න ඒ සඳහා යූරියා කොටස් එකකට මියුරියේට් ඔෆ් පොටෑෂ් කොටස් එකක් මිශ්‍ර කර ගිනිපෙට්ටි පියන් එකක් වළවල් තුනකට වන සේ යොදන්න .
සෑම වැලක් ම කෝටුවකට හෝ  ඉපලකට යොමු කරන්න.
වැල්වලට මීටර දෙකක් පමණ උස කෝටු සිටුවා ඒවා අතර වැටක් ආකාරයට ලණු ඇදීම ද කරන්නට පුළුවන් .නිසි ආධාරකයක් සැපයුම අතිශයින්ම වැදගත් වෙනවා.


දින 90 කදී පමණ අස්වනු නෙලීම  ආරම්භ කරන්නට පුළුවන්

Related Articles

Don't Miss


Latest Articles