ගෙදර ඉන්න ගමන් අලුත් වැඩ කරමු..

මේ දවස් වල  උපරිමයෙන් ම ලැබෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගන්නෙ මෙන්න මෙහෙමයි .පොඩ්ඩක් ගෙදර අහල පහල තියෙන අපතේ යන දේවල් වලින් ගෙවත්තට ත් නිවසටත්  වෙනසක් එක්කරමු.

ප්ලාස්ටික් බෝතල් ගෙදර එකතු වෙලා ඇති .ඉතින් මේවා විවිධ හැඩයට කපා ගෙන ලස්සන ට ගෙදරම තියෙන තීන්ත හොයාගෙන ආලේප  කර ගත්තොත්  ලස්සන මල් පෝච්චි ටිකක් හදා ගන්නට පුළුවන් .විවිධ වර්ණයෙන් වගේම විවිධ හැඩතල වලින් මේවා නිර්මාණය කරගන්න පුළුවන් .ඒ විතරක් නෙවෙයි අවශ්‍ය නම් ඇස් දෙකක් කන් දෙකක් කට ක් ඇඳ ගන්නත් පුළුවන් .බඳුන් ගේන්න කඩේ දුවන්න කොහොමත් බැහැනේ .ඒ නිසා අදම පටන් ගන්න .

අල්මාරි ඇතුලෙ තියෙන පරණ පාවිච්චි නොකරන ඇඳුම් එකින් එක එළියට අදින්න .ඔබේ ගවුමකින් ,සැමියා පාවිච්චි නොකරන ෂර්ට් එකකින් ,කලිසමකින් ,ස්කිනී එකක් ,දරුවන්ට ඇඳුම් ,සර්වියට්ස් ,පා පිසි ,වළං අල්ලන භාජන ආදිය සකසා ගන්නට පුළුවන් .මතක තියාගන්න ඔබට උපරිමයෙන්ම කාලය තියෙනවා .

එහෙට මෙහෙට සාලයෙන් කුස්සියට කුස්සියෙන් කාමරයට  ඔබේ මේ දිනවල ගමන් මග වෙලා තියෙන ඇති බවට කිසිදු සැකයක් නැහැ.ඉතින් හැමදාම තියෙන පෙනුම වෙනුවට බඩු පොඩ්ඩක් එහෙට මෙහෙට ඇදලා  අලුත් ලස්සන පෙනුමක් ගමුද ?කම්මැලිකම ඔතෑනි කම අලුත් වෙනසත් එක්ක පලායාවි .

නිවසේ ඔබ භාවිතා නොකරන පරණ සපත්තු මල් පෝචි ලෙසින් පාවිච්චි කරන්නට අපිට පුළුවන් .මේ කාලේ කොහොමත් මල් පෝච්චි මිල දී ගන්නට බැහැනේ .ඉතින් එළවළුවක් ඒ වගේම නිවසට සිරියාවක් ගෙනෙන මල් පැලයක් වවන්නට මේ   සපත්තු මල් පෝච්චි ප්‍රයෝජනවත් වේවී.

Related Articles

Don't Miss


Latest Articles