යීස්ට් නැතුව පාන් හදමු…

පාන් කියන්නෙ මේ දිනවල පහසුවෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.පාන් විකුණන වාහන ආවත් ඒවගෙන් කරන මිලදී ගැනීම් එතරම් ආරක්ෂිත නැහැ.ඉතින්  ඒ නිසා අවම පහසුකම් මැද ගෙදර දී පාන් හදාගන්නෙ කොහොමද කියල අපි බලමු.

මේ දිනවල යීස්ට් හොයාගන්න අමාරුයි .ඒ ගැන ඒත් කලබල වෙන්න එපා. යීස්ට් නැතිව ඉක්මනින් පහසුවෙන් පාන් හදමු.

මුලින්ම මෙහෙම උත්සාහ කරන්න .

අවශ්‍ය දේවල්

  • ග්‍රෑම් 280පාන් පිටි
  • බේකින් සෝඩා තේ හැදි 1 ක්
  • ලුනු තේ හැදි 1 ට චුට්ටක් අඩුවෙන්.
  • සීනි තේ හැදි 1 ක්
  • බටර් මිල්ක් කප් 1 ක්
  • බේකින් සෝඩා වෙනුවට බේකින් පවුඩර් ගන්නවනම් මේ පිටි ප්‍රමාණයට තේ හැදි 3 ක් යොදාගන්න.
  • බටර් මිල්ක් හෝ රස මිශ්‍ර නැති යෝගට් ගන්න.
  • එහෙමත් නැතිනම් ෆ්‍රෙශ් මිල්ක් කප් 1 ට විනාකිරි හෝ දෙහි ඇඹුල් මේස හැදි 1 ක් එක් කර  විනාඩි 8 කට පසු ගන්න.
  • ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාන්න.
  • අවන් එක 200 c කට රත් කරගන්න.
  • පිටි වලට සීනි,බේකින් සෝඩා සහ ලුනු එක් කර හොදින් මිශ්‍ර කරන්න.
  • එයට කූල් බටර් මිල්ක් එක් කර හැන්දකින් ඝනට එනතුරු කලවම් කරන්න.
  • ඉක්මනින් පැතලි මතුපිටක දමා මෝලියක් වන සේ අනන්න.
  • මෙය ඉක්මනින් අත සැහල්ලුවෙන් 10 වරක් පමණක් හරවමින් කල යුතුයි.
  • නැතිනම් පාන් මෘදු වෙන්නේ නැහැ.
  • ඇලෙන ස්වභාවයක් ආවොත් පාන් පිටි එක් කරන්නට අවශ්‍ය නැහැ.
  • දැති සහිත පිහියකින් මතුපිට කතිර ලකුනක් ආකාරයට කැපුමක් දමන්න.
  • ඉතාමත් ඉක්මනින් ට්‍රේ එකේ තබා බේක් කරන්න. මෙය ප්‍රමාද නොවිය යුතුයි.
  • 200 c වලට විනාඩි 20 ක් බේක් කර ඉතිරි විනාඩි 20 උශ්ණත්වය 180 c වලට අඩු කර බේක් කරගන්න.
  • රැක් එකක් මතට ඉවත් කර රෙදිකඩකින් වසා විනාඩි 30 ක් පමණ තබා කෑමට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles