කරපිංචා කල් තබා ගන්න පුලුවන්ද?

කරපිංචා සහ රම්පා කියන්නේ ආහාර පිසීමේදී හා රස ගැන්වීමේදී අපට නැතිවම බැරි දේවල්. මේවා ගෙදර වවලා නැති කෙනෙක්ට හෝ විදෙස්රටවල ඉන්න අයට ගොඩක් වැදගත් trick එකක් මේ.. ගොඩක් අයට තියෙන ගැටලුවක් තමා කොල ඉක්මනින් නරක් වීම, අවපැහැ වීම වගේ ගැටලු. ඉතින් මේ ක්‍රමයට මාසෙකට වැඩි කාලයක් කොල නැවුම්ව තියාගන්න පුලුවන්.

කරපිංචා රම්පා වල අවපැහැ වූ හෝ නරක් වූ කොල තිබේ නම් ඉවත් කරන්න.
හොඳින් සෝදා පිරිසිදු kitchen towel එකක් මත එලා වතුර හොඳින් ඉවත් වෙන තෙක් පැය කිහිපයක් තියන්න.

වතුර හොදින් ඉවත් වෙලාද කියලා බලන්න.

  • පළමු ක්‍රමය – කොළ පිරිසිදු කොටන් රෙදි කැබැල්ලක ඔතා සිප් ලොක් බෑග් වල දමා දිනය ලියා ෆ්‍රිජ් එකේ දාන්න. අවශ්‍ය නම් ඉති පිටින්ම දාන්න පුලුවන්.
  • දෙවන ක්‍රමය- air tide container එකකට සුදු පැහැ පේපර් ටිශු එකක් දමා ඉන් පසු කොල ටික දාන්න. ඊට උඩින් නැවත ටිශු එකකින් ආවරණය කර පියන වසා දිනය ලියා ෆ්‍රිජ් එකේ දාන්න.

මේ ක්‍රම කොළ වල නැවුම් බව ‍ආරක්ෂා කරනවා. මාසෙකට වඩා වැඩි කාලයක් තියාගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles