කුස්සියේ තියෙන දේවල් වලින් පපඩම් හදමු..

කුස්සියේ තියන සමහර අමුද්‍රව්‍ය භාවිතා නොකරම කල් ඉකුත් වෙනවා.අන්න ඒ වගේ දේවල් භාවිතා කරලා පපඩම් හදා ගන්න හැටි ගැනයි මේ කියන්නේ

අවශ්‍ය දේවල්:

  • උඳු පිටි 500g
  • සූදුරු තේ හැදි 1
  • අසමෝදගම් ඇට තේ හැදි 1
  • බේකින් සෝඩා තේ හැදි 1/4
  • ලුණු (අවශ්‍ය ප්‍රමාණයට)
  • තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය:

  • භාජනයක් ගෙන එයට තෙල් හැර අනෙක් සියල්ල දමා ගෙන එකට මිශ්‍ර කර ගන්න.
  • දැන් ටික ටික වතුර එකතු කරමින් අතේ ඇලෙන ගතිය අඩු රොටි මිශ්‍රණයක් ආකාරයට හොඳින් අනා ගන්න.
  • පැය 2ක් පමණ පොලිතීන් ඉටි කවරයකින් (Cling film) පිටි මෝලිය (ඩෝ එක/පිටි ගුලිය) ආවරනය කර පසෙකින් තබා ගන්න.
  • පසුව පිටි මෝලිය ගෙන එහි තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.
  • දැන් බරින් වැඩි රෝලින් පින් එකක් (Rolling Pin), මෝල් ගසක් වැනි යමක් ගෙන එයින් මිටියකින් ගසන ආකාරයට පිටි මෝලිය මදක් මෘදු වන තුරු පිටි මෝලියට ගසා ගන්න.
  • ඉන් පසුව පිටි මෝලිය කුඩා බෝල වලට කඩා ගන්න.
  • පසුව රෝලින් පින් එක භාවිතා කර හීනියට තුනී කර ගන්න.
  • දවස් දෙකක් තද අව්වේ හොඳින් වියළීමට තබා ගෙන තෙතමනය, සුළං නොවදින සේ අසුරා ගන්න

Related Articles

Don't Miss


Latest Articles