පොළොස් කල් තබා ගන්න පුලුවන් ද?

අවශ්‍ය දේවල්:

  • කැබලි කපා ගත් පොලොස්
  • ලුනු
  • වතුර
  • ගොරකා
  • කහකුඩු ස්වල්පයක්

කල්තබා ගන්නා ආකාරය:

  • කැබලි කපා ගත් පොලොස් හොඳින් සෝදා ලුනු, ගොරකා සහ කහ කුඩු ස්වල්පයක් එක්කර වතුර ඇති පමණ යොදා මද ගින්නේ ටික වෙලාවක් තම්බා වතුර පෙරා නිවෙන්න තියන්න.
  • නිවුණු පසු එක වේලකට අවශ්‍ය පොලොස් ප්‍රමාණය බැගින් පොලොස් ටික ziplock bag වලට දමා අධිශීතකරණයක තබන්න.
  • දැන් ඔබට කෑමට පිස ගැනීමට අවශ්‍ය වු විට පැය භාගයකට පමණ පෙර ශීතකරණයෙන් ඉවතට ගෙන නැවුම් පොලොස් ඇඹුලක්, පොලොස් මැල්ලුමක් පිස ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles