සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආයුර්වේද පාන වර්ග..

සිරුරේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගෙන යාමට අපි ගන්නා ආහාර පාන හරිම වැදගත්.ආයුර්වේදයේ මේවා ගැන නිතර සඳහන් වෙනවා. සිරුරට ගුණ දෙන ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආයුර්වේද පාන වර්ග ගැන මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්

  • කොත්තමල්ලි

කොත්තමල්ලි දවස් දෙකකට පමණ වතාවක් බීම ගුණදායකයි

  • පාවට්ටා

පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ පටන් පිළිකා නසන ඖෂධයක් දක්වා පරාසයක පාවට්ටා භාවිතයට ගැනෙනවා. පාවට්ටා දළු සහ පාවට්ටා මුල් තමයි විශේෂයෙන් භාවිත කරන්නේ. තිත්ත රසය මදක් වැඩි නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. සීනි එක්ක බොනවට වඩා මී පැණි හෝ හකුරු එක්ක බොන්න.

  • සුදු ළූණු

කැඳ විදියට සුදුළූණු ශරීරගත කරගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය නොසිතූ විදියට ඉහළ නංවාගන්න පුළුවන්. මෙහි තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය විෂබීජයේ ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග ඉහළයි

  • වෙනිවැල්

තේ වෙනුවට පානය කරන්න. නැතිනම් කොත්තමල්ලි සමඟ මිශ්‍ර කර පානය කරන්න.

Related Articles

Don't Miss


Latest Articles