ගෙදරදීම බටර් හදමු..

මේ සඳහා අපට අවශ්‍ය වෙන්නේ whipping cream විතරයි.හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්.

  • විශේෂයෙන්ම මිල්ක් ෆැට් වැඩිපුර තියෙන විපින් ක්‍රීම් එකක් මිලදී ගැනීමට වගබලා ගන්න .
  • ක්‍රීම් බීට් කරන බෝල් එක සහ බීටරය ශිතකරණයේ පැය දෙකක් පමණ තබන්න .
  • ක්‍රීම් ටිකත්  සීතලේම තිබිය යුතුමයි .
  • විපින් ක්‍රීම් ටික බෝල් එකට දමා බීට් කරන්න පටන් ගන්න .
  • ක්‍රමක්‍රමයෙන් ක්‍රීම් ගතිය වැඩි වෙනවා
  • ක්‍රමක්‍රමයෙන් සුදුපාට ක්‍රීම් එක කහපාට බවට හැරෙනවා .
  • භාජනය වටේ තිබෙන දේවලුත් එකතු කරගෙන නැවත බීට් කරන්න .
  • මෙහිදී බටර් වෙන් වෙන්නට පටන් ගන්නවා .
  • අයිස් වතුර මේස හැඳි හතරක් පමණ එකතු කර ගන්න .එවිට බටර් ටික වෙන් කර ගැනීම පහසුයි
  • බටර් ටික සහ බටර් මිල්ක් වෙන්වූ පසු බීට් කරන එක නවත්තන්න .
  • බටර් ටික අතින් මිරිකා වෙනත් භාජනයකට දමා ගන්න.
  • හොඳින් වතුර ඉවත් වෙන තුරු මිරිකා ගන්න .
  • බාස්කට් එකක අසුරා ශීතකරණයේ තබන්න .
  • පැය දෙකකින් පමණ පසු හොඳින් ඝන වී තිබෙනවා .
  • අප වෙළඳ පොලෙන් මිලදී ගන්නා බටර් වගේමයි .
  •  

Related Articles

Don't Miss


Latest Articles