පරිප්පු වලින් ලස්සන වෙමු ද?

පරිප්පු රස කෑමක් මිසක් ඔබව ලස්සන කරන්න පුලුවන් පැක් හදන කෙනෙක් කියලා ඔබ හිතුවා ද..

මෙන්න මේ පැක්ස් ට්‍රයි කරාම ඒ ගැන දැන ගන්න පුලුවන්

  1. දීප්තිමත් සමකට

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මයිසූර් තේ හැඳි 2
  • ගාගත් ලෙමන් ලෙල්ලක්
  • ලෙමන් යුෂ බිංදු කිහිපයක්

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට ගාගත් ලෙමන් ලෙල්ල සහ යුෂ එක්කොට තරමක ඝනකමක තලපයක් සාදා ගන්න. විනාඩි 5ක් පමණ මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් වියලෙන්න තබා සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් සිදු කරන්න.

2 .ලප කැලැල් සඳහා

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මයිසූර් මේස හැඳි 2
  • කඩල පිටි මේස හැඳි 1
  • යෝගට් මේස හැඳි 1

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට අනෙක් කළමනා දමා සාදාගත් තලපය විනාඩි 5ක් තිස්සේ මුහුණේ ආලේප කරගන්න. විනාඩි 20ක් වියළීමට තබා සාමාන්‍ය ජලයෙන් සෝදාගන්න. සතියකට වරක් සිදු කරන්න.

  1. පැහැපත් සමකට.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • මයිසූර් මේස හැඳි 2
  • කහකුඩු මේස හැඳි 1
  • රෝස වතුර බිංදු කිහිපයක්

සාදන ආකාරය:

පරිප්පු බ්ලෙන්ඩ් කරගන්න. එයට කහකුඩු සහ රෝස වතුර එක් කර සාදන පැක් එක මුහුණ සහ බෙල්ලෙහි තවරාගන්න. විනාඩි 20ක් තබන්න. සීතල වතුරෙන් සෝදා හරින්න. සතියකට වරක් කිරීමෙන් නිසැක ප්‍රතිඵල ලැබිය හැකිය.

Related Articles

Don't Miss



Latest Articles

හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

(අ) හිමි සිහින -142

සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව...

පරිප්පු ගණන් වැඩි කාලේ පිරිමැසෙන්නට පරිප්පු උයමු

සාමාන්‍යයෙන් අපි එදිනෙදා සකස් කළ ව්‍යාංජනයක් වූ පරිප්පු දැන් ඉතාමත් මිල අධික වෙලා.ඒ නිසා පරිප්පු තනි ව්‍යාංජනයක් ලෙස සැකසීම සමහරුන්ට ඇත්තටම අසීරු...

සීත මාරුතේ -32

ඒ රාත්‍රිය මා මුළුමනින් නිදි වර්ජිතව සිටියා ය කීවොත් නිබොරු ය. අපේ පුංචි සාදය නිමා වන විට තරමක් රෑ බෝ වී තිබිණ....

අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න එපා.

"අපෝ ඔය අනූෂා ඉන්නවා නේද?" මම ඉදල පැත්තකින් තියලා ඒ හඬට හැරිල බැලුවා.අපේ අලුත් ගෙදර අසල්වැසිනියක් පොඩි ගේට්ටුවෙන් එබිලා...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content