ෆොටෝ එකට ලස්සනට ඉන්න ස්මාර්ට් ටිප්ස්

ෆොටෝ දහයක් අරන් නවයක් මකලා එකක් ඉතුරු කර ගන්න ඔබට තමයි මේ ලිපිය. ගන්න හැම ෆොටෝ එකම කැතයි කියලා මකලා දාන්නේ නැතුව හරියට ෆොටෝ එකට පෙනී ඉන්න ටිප්ස් තියනවා. මෙන්න මේවා අනුගමනය කරලා බලන්න..

පෙනී සිටින ඉරියව්ව වෙනස් කරන්න

ඔබ ටිකක් මහත කෙනෙක් නම්, ඔබ ඉදිරියට මුහුණලා සිටගෙන ෆොටෝ එකට මුහුණ දුන්නොත් ශරීරයේ වැඩි ප්‍රමාණයක් පෙනේවි. අංශක 45කට ඔබේ ශරීරය හරවා හිටගන්න. ශරීරයේ වැඩි බරක් පිටුපස කකුලට දී, දෑත් පිටුපසට තල්ලු කර සිටගන්න. ඒ
 

ළඟ ඉන්නේ කවුද?

ඔබ ටිකක් මහත කෙනෙක් නම්, ගොඩාක් සිහින් සිරුරක් හිමි අයෙක් සමීපයෙන්ම හිටගෙන හෝ ඔබ සිහින් සිරුරක් හිමි අයෙක් නම් මහත කෙනෙක් ළඟ තියාගෙන ඡායාරූපයට පෙනී සිටින්න එපා.

කැමරාවට සමීපව ඉන්නද එපා ද?

කැමරාව අසළම තියෙන ඕනම දෙයක් ටිකක් මහතට තමයි පෙනෙන්නේ. ඉතින් ඔයා කැමරාව සමීපයටම වෙලා ඡායාරූපයට මුහුණ දුන්නොත් ඔයාවත් මහත ස්වරූපයක් ගනීවී. ටිකක් කෙට්ටු කෙනෙක්ට මහතට පෙනෙන්න ඕන නම් ඒ ක්‍රමය හොඳයි. හැබැයි මහත නම් කැමරාව ළඟ ඉන්න එපා.

බඩ පොඩ්ඩක් හංගමු.

බඩ චුට්ටක් පේනවා වැඩියි නම් අතේ තියෙන භාණ්ඩයක් රටාවකට අල්ලාගෙන ටිකක් කවර් කරගන්න. උදාහරණයක් විදිහට අතේ පොතක්, පර්ස් එකක් තිබුණොත්, එහෙම නැත්නම් ඇඳුමට උඩින් ඔබ ඇඳ සිටි ජැකට් එක ගලවලා අතේ තබාගෙන ටිකක් කවර් කරගන්න පුළුවන්.
 

එක පාට අය එකට ??

ඔබ සැරසී ඉන්න වර්ණයම ඇඳි පුද්ගලයෙක් සමීපයටම වී ගන්නා සේයාරුවක ඔබව යටපත් වෙන්න පුළුවන්. දෙතුන් දෙනෙක් එක්ව ගන්න සේයාරුවක නම් ඔයාලාට පුලුවන් එහෙ මෙහෙ වෙලා වර්ණ ගලපා ගන්න. ඒත් දෙදෙනෙක් පමණක් නම් සේයාරුවට පෙනී සිටින්නේ දෙදෙනාට පුළුවන් දෙදෙනා අතර පරතරයක් තියාගෙන විවිධ ඉරියව් වලින් වෙනස් වර්ණයේ පසුබිම් වල ඡායාරූප ගැනීමට.
 

මිටි බව හයිලයිට් කර ගන්න එපා.

මිටි නම් උස ගොඩනැගිලි, උස පුද්ගලයන් අසලම ඉඳන් ෆොටෝ එක ගන්න එපා.
 

ඔබේ සිනාව හරිම වැදගත්

සිනාව තමයි ඔබේ ආභරණය.මවා ගත් හිනාවක් නැතුව ස්වභාවික හිනාවක් දෙන්න උත්සාහ කරන්න

Related Articles

Don't Miss


Latest Articles