කොත්තමල්ලි නිවසේදී පැළ කරමු..

මේ දිනවල වගා කිරීම ගැන හැමෝම උනන්දුවක් දක්වනවා .ඉතින් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් කොත්තමල්ලි කොළ සොයා ගෙන මීට පසුව ඔබට කඩේ දුවන්නට වෙන එකක් නැහැ .

  • කොත්තමල්ලි ඇට ටිකක් අරගන්න .
  • පියලි කර ගන්න.(පියලි නොකර ඇට පිටින් හිටවන්නත් පුළුවන්. එත් මෙහෙම කලාම ඉක්මන් වගේම  වැවෙන ප්‍රතිශතය වැඩියි.)
  • ඊට පසු පැය කිහිපයක් (පැය හයක් ,හතක් ඇති ) වතුරේ දමා තබන්න .
  • ඉන් පසුකෙලින්ම ක්ෂේත්‍රයේ පැල වෙන්න දමන්න .
  • මතුපිට පස්, කොම්පෝස්ට්,වැලි මිශ්‍රණය වඩාත් සුදුසුයි .
  • බීජ ටික ලඟින් ලඟින් ඉසින්න .
  • කොළ වලට ගන්න ගහ ලොකු වෙනකම් තියන්න ට අවශ්‍ය වෙන්නේ නැහැ .
  • බිජ 1cm  වඩා පසට යට කරන්න එපා. තෙතමනය සාමාන්‍ය මට්ටමින් දිගටම තියා ගන්න.
  • සාමාන්‍ය අව්ව සුදුසු යි.
  • වෙනත් රසායනික පොහොර බෙහෙත් කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ .
  • විවිධ අලංකාර භාජන වල සිටුවා තබන්න ත් පුලුවන් .

Related Articles

Don't Miss


Latest Articles