නිවසේදී ම පොහොර හදමු..

මේ දිනවල ඇතිවී තිබෙන ඇති වී තිබෙන තත්ත්වය සමග සියලුම දෙනා වගාවන් පිළිබඳ හරිම උනන්දුවක් දක්වනවා .නමුත් ගැටලුව වන්නේ මේ වගාවන් සඳහා යොදන පොහොර වර්ග සොයා ගැනීම සිතන තරම් පහසු නොවීම .ඉතින් ඔබගේ මුළුතැන් ගෙයින් ඉවත් කරන දිරා යන ද්‍රව්‍ය කොම්පෝස්ට් පොහොර ලෙස සාදා ගැනීමටත් ඔබට හැකියාවක් තිබෙනවා .ඊට අමතරව මේ විශේෂ පොහොර ඔබේ වගාව තවත් සරුසාර කරනු ඇති .

අවශ්‍ය දේවල්

  • කෙසෙල් ලෙලි පහළොවක් පමණ
  • වතුර ලීටරයක්
  • පියන හොඳින් වසා තැබිය හැකි භාජනයක්
  • තරමක් විශාල බාස්කට් එකක්
  • කෙසෙල් ලෙලි කුඩා කැබලි වලට කඩා ගන්න .
  • ඒවා බඳුනකට දමා එයට ජලය ලීටරයක් එකතු කරන්න .
  • භාජනය පියන හොඳින් වසා දින හතරක් පහක් පමණ තබන්න.
  • දිනපතාම බඳුන හොඳින් සෙලවීමට අමතක කරන්න එපා .
  • දින පහකට පමණ පසු බඳුනේ තිබෙන දෑ තරමක් විශාල බාස්කට් එකට දමා ගන්න .
  • දැන් එය හොඳින් අතින් පොඩි කරන්න .
  • ජලය ලීටර් පහක් එකතු කරන්න .
  • වෙනත් බාජනයකට එය පෙරා ගන්න.
  • මෙම පොහොර වර්ගය පොටෑසියම් වලින් ඉතාමත් පොහොසත් එකක් .
  • ඉක්මනින්ම ඵලදාව මෙන්ම මල් ලබා ලබා ගැනීමට හැකියාව තිබෙනවා .
  • මේ පොහොර දියරය එළවළු වලට සතියකට වතාවක් පමණ යොදන්න පුළුවන් .
  • මල් වලට යොදනවා නම් හොඳින් මල් ගස් වලට දින හතරකට වරක් ස්ප්‍රේ කරන්න .

ඉතින් දැන් වගාව ගැන බය වෙන්න ට අවශ්‍ය නැහැ .

Related Articles

Don't Miss


Latest Articles