තවාන් දැමූ පැළයක් නිවැරදිව සිටවන්නේ මෙහෙමයි..

පොලිතීන් බෑගයක  තවාන් දැමූ පැලයක්  කොළඹ මට පිටවීමේදී සිටුවීමේ දී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා මාර්ග  ගැන දැනුවත් වෙමු .

1.පැළයට සුදුසු පරිදි වල සකස් කර ගැනීම

බෝගය අනුව වලේ ප්‍රමාණය නිතර ම වෙනස් වෙනවා .විශේෂයෙන්ම මේ වළ කපා ගැනීම මාසයකට පමණ කලින් කරන්නට පුළුවන් නම් ඉතාමත් සුදුසුයි .වලේ තිබෙන පස් හාරා ඉවතට ගෙන ඉන් පස් කොටසක් සහ කොම්පෝස්ට් එකතු කර නැවත වල පිරවිය යුතු යි .වලෙන් උඩට එන ලෙස කුඩා පස් කන්දක් සකස් කරන්න.එවිට  විට මාසයක් අවසානයේ පස් සාමාන්‍ය පොළොව මට්ටමට පැමිණ තිබෙනු ඇති .

2.පැළය සිටුවීම –

පැළය සිටුවන දිනය වන විට  පස් වියළි තත්ත්වයෙන් තිබීම ඉතාමත් සුදුසුයි. මුලින්ම කළ යුතු කාර්යය වන්නේ පස් පුරවා සාදාගත් වල මැද  නියම ප්‍රමාණයට වඩා මදක් විශාලව සහ බඳුන් සම්පූර්ණයෙන් ගිල්විය හැකි පරිදි වළක් සාදා ගැනීම .මෙහි ප්‍රමාණය විය යුතු වන්නේ සිටුවන්නාගේ දෑතට ගත් බඳුන පහසුවෙන්ම වල ඇතුළත තැන්පත් කළ හැකි තරම් එකක් .ඉන්පසු  හොදින් කැපෙන පිහියක් රැගෙන තවාන් කවරයේ අඩියෙන් පෙත්තක් කපා දමන්න .එකට වෙළී ඇති මුල් මෙයින් කැපී ගියාට පැළයට හානියක් වෙන්නේ නැහැ .දැන් ඉතිරි කවරය සමගම පැලය වළෙහි තැන්පත් කරන්න .අනතුරුව බ්ලේඩ් තලයකින් දික් අතට කැපුමක් යොදා පොලිතින් ආවරණය ඉවත් කරන්න

3.නිවැරදිව පොලිතීන් ආවරණය ඉවත් කිරීම

මෙය හරිම පරිස්සමින් කළ යුතු දෙයක් .එක පැත්තකට අදින්නට එපා .ඉහලට ඇද ඉවත් කිරීම වඩාත් නිවැරැදි ක්‍රමයයි.ඉන් පසු ව පස් වලට තමා ඇඟිලි තුඩුවලින් හ වලින් හොඳින් තද කරන්න .

Related Articles

Don't Miss


Latest Articles