ඔබේ දරුවා මානසිකව නිරෝගී මත් ද?

අප බොහෝ විට සැලකිලිමත් වන්නේ දරුවෙකුගේ කායික නිරෝගීතාවය ගැන පමණයි .නමුත් දරුවාගේ මානසික නිරෝගීතාවය ගැන ඒ තරමට ම අප සැලකිලිමත් විය යුතුයි .දරුවා කිසියම් මානසික අපහසුතාවයකින් සිටිනවාද යන්න පිළිබඳ විවිධ හැසිරීම් මගින් හඳුනා ගන්නට පුළුවන්.

  • තද හිස කැක්කුමක් ඇති බව පැවසීම .
  • බෙල්ලේ පිටේ කැක්කුම, මාංශ  පේශි වල වේදනාවන් ගැන පැමිණිලි කිරීම .
  • නින්ද නොයාම .
  • පාසල් යාම අදි මදි කිරීම
  • හොඳින් ඉගෙනීම් කටයුතුවල නියැලුණු දරුවා පසුබෑමක් පෙන්වීම .
  • කෑම රුචිය නැති වීම .
  • ආහාර රටාවේ විවිධ වෙනස් කම් වීම.
  • නිතර කේන්ති යාම සහ නිතර අසනීප වීම.
  • නිවසේ අනෙක් සමාජිකයන්ට සමඟ නිතර ගැටුම් ඇති කර ගැනීම

ඔබේ දරුවා මෙවන් ලක්ෂණ පෙන්වන්නේ නම් ඔහු ට තරවටු කිරීමෙන් පහර දීමෙන්,කේන්දර බැලීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.ඉතාමත් ඉක්මනින් පල පුරුදු මානසික වෛද්‍ය වරයෙකුට හෝ මනෝ උපදේශක වරයෙකු වෙත යොමු කිරීමයි වැදගත් වන්නේ .
 

Related Articles

Don't Miss


Latest Articles