විශේෂ අවස්ථා වෙනුවෙන් මල් කළඹක් සකසමු..

ඕනෑම මල් සැකසුමකට බලපාන ප්‍රධාන සාධක තුනක් අපට හමු වෙනවා .

1.හැඩය

මල් සැකසුමක් සකස් කිරීමේදී එය උපයෝගී කරගන්නේ මේසයක් මත තැබීමට ද ද බිත්ති කොනකට තැබීමටද ඒ වගේම ඒ තබන්නී කිනම් කාමරයකටද යන්න සැකසුම් සාදා ගැනීමට පෙර දැන සිටීම හරිම වැදගත්.එවිට එම ස්ථානයට  වඩාත් සුදුසු ම හැඩය  තීරණය කරන්නට ඔබට පුළුවන්.

2.වර්ණය

වර්ණ තෝරා ගැනීම හරිම පරිස්සමින් කළ යුත්තක් .ඒ නිවසට නම් නිවසේ සෙසු බඩු භාණ්ඩ බිත්තිය වර්ණය ආදිය සමඟ ගළපා ගත යුතු වෙනවා .නමුත් උත්සවයකට නම් උත්සවයේ ස්වභාවය ,දිවා රාත්‍රි බව,උත්සවයේ තේමාව ,වැඩිහිටියෙකු වෙනුවෙන් ද දරුවෙක් වෙනුවෙන් ද යන්න,ආදී දත්තයන් රැසක් දැන ගත යුතු වෙනවා.

3. අවසන් පෙනුම

ඉහත දෙවර්ගයෙහි එකතුව අවසන් ප්‍රතිඵලයයි.අවසන් නිමාව කෙරෙහි ඉහත කරුණු දෙවර්ගයම ඉතාමත් වැදගත් .

විධිමත් මල් සැකසුම්.

මෙය  ලෝකයේ සම්මත මිමි ක්‍රමයන් අනුගමනය කරමින් සකස් කරනු ලබන මල් නිර්මාණ යි.ඒවා සඳහා විවිධ සීමාවන් තිබෙනවා .

අවිධිමත් මල් සැකසුම්

ඉතාමත් නිදහස් ආරකින් සකස් කරගන්නා නිර්මාණයන් මේ ක්‍රමයට ඇතුල් වෙනවා.

පෙර සැලසුම්.

වඩාත් හොඳ නිර්මාණයක් සඳහා අවශ්‍යතාවය, බාහිර පෙනුම ,වර්ණ හැඩය, ගළපා ගැනීම හරිම වැදගත් .

ඉතින් මේ කරුණු කාරණා ගැන සැලකිලිමත් වුනොත් ඔබේ අතින්ම මල් සැකසුමක් සාදාගන්න ට හැකියාව තිබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles