ඔෆිස් යන්න මේකප් ඕනෑම ද?

කාර්යාලයට යනවිට මුහුණට ඉතාමත් සරල මේකප් එකක් දැමීමට කාන්තාවන් හරිම කැමතියි .කැපී පෙනීමට අමතරව ඔබගේ සුන්දර රුව පිටතට පවසන්නේ ඔබගේ පෞරුෂත්වය වගේම මානසික නිරවුල් තාවයයි .ඒ නිසා ඉතාමත්ම සරලව ස්මාර්ට් ලෙස මේකප් එකක් දාගන්නේ මෙහෙමයි .

  • පැල්ලම් නැති පැහැපත් මුහුණකට පවුඩර්  මේකප් භාවිතා කිරීම ඉතාමත් සුදුසුයි.
  • ඒවා තෝරා ගැනීමේදී තමන්ගේ සමේ පැහැයට ගැලපෙන වර්ණයම තෝරා ගන්නට උනන්දු විය යුතුයි
  • ඇහිබැම ඇඳගැනීමට ගැනීමට කිසිම විටෙක කළු පාට භාවිතා කරන්න එපා.ඒ සඳහා දුඹුරු වර්ණය භාවිත කරන්න .
  • අයි ශැඩෝ හෝ මස්කාරා පෙනෙන නොපෙනෙන තරමින් ආලේප කරන්න .
  • තොල් ආලේපන භාවිත කිරීමේදී නිරතුරුවම මැට් වර්ණ තෝරා ගන්න.තොල් පැහැපත් නම් ආලේපන භාවිතා නොකර ලිප් ලයින් පමණක් ඇඳ ගන්නට පුළුවනි.
  • ඒ වගේම මතක තබාගතයුතු කාරණය වන්නේ ඔබ කාර්යාලයට මේකප් කරනවා නම් දවස පුරා ගෙන රඳවා තබා ගැනීමත් වැදගත් .නැත්තං උදේට එක විදියක් හවසට එක විදියක් ලෙස  ඔබව දිස් වෙනවා .
  • දවස පුරාම ආලේපන සම මත තිබෙන නිසා උසස් ආලේපන පමණක් තෝරාගැනීම හරිම වැදගත් .

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles