වෙලාව ඉතිරි කරන ආහාර වට්ටෝරු – කල් තබා ගත හැකි එළවළු බැදුම්

සතිය පුරා ඉතාමත් කාර්ය බහුලව සිටින කාන්තාවන්ට වගේම රැකියාවට කාන්තාවන්ටත් කිසියම් ආහාර ප්‍රමාණයක් කලින් සූදානම් කර තබන්නට හැකි නම් ඒ ඉතාමත් පහසුවක්.ඉතින් මේ ඉදිරිපත් කරන්නේ සතියක් පමණ තබා ගත හැකි ආහාර වට්ටෝරුවක්.ශීතකරණයේ නම් ඊටත් වඩා කාලයක් තබා ගන්න පුළුවන්.

නමුත් මේ කාරණාවත් මතක තබා ගන්න. දිගින් දිගටම එකම දේ ආහාරයට ගන්නවට වඩා සතියෙන් සතිය වට්ටෝරු වෙනස් කරමින් සකසා ගන්නට පුළුවන් නම් ඉතාමත් සුදුසුයි.

අපි ඔබට මෙවැනි ආහාර වට්ටෝරු ඉදිරියටත් ගෙන එනවා.

එළවළු බැදුම

අවැසි දේවල්

  • හීනියට කපාගත් කැරට් ,බණ්ඩක්කා ,මාළු මිරිස් ,
  • ලොකු ලූණු
  • කෑලි මිරිස්
  • කරපිංචා
  • ලුණු
  • තෙල්

මම මේවා ප්‍රමාණ සඳහන් කරන්නේ නැහැ .ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රමාණය මත අවශ්‍ය ප්‍රමාණයක් ඔබ තීරණය කර ගන්න.

  1. සිහින්ව කපාගත් කපා ගත් සියලුම ද්‍රව්‍ය ගැඹුරු තෙලේ බැදගෙන තෙල් බේරීම සඳහා තබන්න .
  2. තෙල් කඩදාසියක් බඳුනේ පතුලේ ඇති වීමෙන් ඉක්මනින්ම අමතර තෙල් ඉවත් කරගන්නට පුළුවන්.
  3. සියල්ල බැදුණාට පසු කරපිංචා සහ කෑලි මිරිස් බැද ගන්න .
  4. ඒ සියල්ලටම අවශ්‍ය පමණට ලුණු දමා කලවම් කරගන්න.
  5. බෝතල් දෙකකට වෙනම අසුරා තබා ගැනීමෙන් එකක් ඉවර වූ පසු අනික භාවිතයට ගන්න පුළුවන්.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles