Online shopping කරන්න කලින් මේ දේවල් ගැන දැනුවත් වෙන්න.

අන්තර්ජාලය හරහා අවශ්‍ය භාණ්ඩ ඕඩර් කිරීම මේ කාලයේ හැම කෙනෙක්ම කරන දෙයක්. විලාසිතාවකටත් වඩා ඒක දැන් සාමාන්‍ය පුරුද්දක් වෙලා ඉවරයි.
Ebay, amazon සහ Ali express වගේ සයිට්වලින් බඩු ඕඩර් කරනකොට අපි හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මේ දේවල් ගැන හරියට හිතුවොත් ඔබේ මුදලට නිසි වටිනාකමක් ලැබේවි.

1. Seller and seller rating.

මේක හරි වැදගත්. ඔබට භාණ්ඩය අලෙවි කරන අලෙවි සැලට කලින් පාරිභෝගිකයන් දීලා තියන review ගැන හොඳට බලන්න. ඒ වගේම හොඳට භාණ්ඩ අලෙවි වෙන store එකකින් බඩු ගන්න.හේතුව ඒ අයගේ භාණ්ඩ ඇත්තටම හොඳ නිසා තමයි වැඩි ප්‍රමාණයක් අලෙවි වෙන්නේ.

2.shipping method

මේකත් හරිම වැදගත්.වටිනා සහ ඉක්මනින් අවශ්‍ය කරන බඩුවක් නම් අපිට ෂිපින් ක්‍රමය වෙනස් කරලා ඉක්මනින් ලැබෙන විදියට ඕඩර් කරන්න පුලුවන්. DHL හරහා සතියකින්ද EMS හරහා සති දෙකකින් සාමාන්‍යයෙන් භාණ්ඩයක් අපේ අතට ලැබෙනවා.

Free shipping නම් ඉතින් ටිකක් කල් බලාගෙන ඉන්න වෙයි!

3. Tracking කිරීම සහ විමසිලිමත් වීම.

ඔන්ලයින් සයිට්වල ඕඩර් කරන භාණ්ඩය දැන් තිබෙන්නේ කොතැනද කියලා දැන ගන්න පුලුවන් ට්‍රැකින් පහසුකම සපයා තිබෙනවා. අපිට අපේ ඇනවුම කොතැන හරි හිර වෙලා නම් ඒ ගැන ඩන ගන්න පුලුවන්. ඒ වගේම භාණ්ඩයක් ඇණවුම් කරල නිසි කාලය තුළ එය අපට ලැබුණේ නැත්නම් ඒ ගැන පැමිණිලි කිරීමට කාලයක් අපිට ලැබෙනවා. ඒ නිසා ඇණවුම ගැන අවම වශයෙන් මාසයක කාලයක්වත් තරමක සෙවිල්ලෙන් සිටීම වැදගත්. අපේ රටට භාණ්ඩය පැමිණි විට තැපැල් කාර්යාලය හරහා ඒ ගැන විමසීමත් හරිම වැදගත්.

4. හැම භාණ්ඩයක්ම ගෙන්වන්න පුලුවන් ද?

විදෙස් රටවලින් දුරකථන ගෙන්වනකොට විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න හෝ යම් බදු මුදලක් ගෙවන්න වෙනවා. Drone වර්ග ගෙන්වනකොට ගුවන් හමුදාවෙන් අවසර ගන්න සිදු වෙන අවස්ථාවන් තියනවා.

මේ දේවල් ගැන දෙපාරක් හිතන්න.

  • ගණුදෙනු කරන්න කලින් paypal account එකක් හදා ගන්න.ඒක හදාගත්තට පස්සේ ක්‍රෙඩිට් කාඩ් එක, වෙබ් කාඩ් එක බයනැතුව ඒකට ලින්ක් කරන්න පුලුවන්. හැබැයි හොඳ strong password එකක් දාන්න.
  • ඒ වගේම ඔන්ලයින් සයිට් කියන්නෙත් සුපර් මාකට් වගේ තැනක්. අයිස්ලන්තේ අයට පවා අයිස් ගන්න හිතෙන තැනක්. ඉතින් දෙයක් ගන්න ගියා නම් අවශ්‍ය දේ විතරක් ඇනවුම් කරන්න. නැත්නම් ඔබේ මුදල් අපතේ යාවි.
  • අනිත් කාරණාව ඩිරෙක්ට් විදියට භාණ්ඩයක් මිලදී ගන්නවා වගේම වෙන්දේසි වලට හවුල් වෙන අවස්ථාත් සමහර සයිට් වල තියනවා. ඒ වගේ වෙලාවකදී ඕනෑවට වඩා මුදල් නාස්ති වෙන්න පුලුවන්.
  • අපි සෙලර්ස්ලට රේට් කරනවා වගේම එයාලටත් පුලුවන් අපිව රේට් කරන්න.අන්න ඒ නිසා භාණ්ඩ ඇනවුම් කරල මුදල් නොගෙවීම් වගේ වැඩ කරන්නත් එපා. ඔබේ රේට් එක අඩු වුණොත් අනිත් වෙළෙන්දොත් ඔබව ප්‍රතික්ෂේප කරයි.
  • ඒ වගේම ඔන්ලයින් ඕඩර් කරන්න කලින් ඒ අවශ්‍ය භාණ්ඩය අහළ පහළ වෙලඳ සලක තියෙනවාද, ෂිපින් ගාස්තු එක්ක ඔන්ලයින් ඕඩර් කරනවට වඩා ලංකාවෙන් ගන්න එක වාසිද කියලත් බලලම ඉන්න.
  • ඔබේ භාණ්ඩය නිවැරදි විදියට ලැබුණා නම් සෙලර්ට හොඳ රේට් එකක් දෙන්න.ඒක අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙන ස්මාර්ට් වැඩක්.

මේ දේවල් හරියට පිළි පැද්දොත් ඔන්ලයින් ඕඩර්ස් දාන එක බොහොම පහසු සහ සතුටුදායක අත්දැකීම් වෙනවා සහතිකයි.

-තිළිණි-

Related Articles

Don't Miss


Latest Articles