Spoken English ඉගෙන ගන්න අයට Tips

ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න බය වෙන නිසයි ඉංග්‍රිසි කතා කිරීම පස්සට යන්නේ. ඒ නිසා අද ඉඳන් වැරදි වැරදි ඉංග්‍රීසි කතා කරන්න.

හිතන විදිය වෙනස් කර ගන්න.

  • මට බෑ,අනිත් අය හිනාවෙයි කියන එක මුලින්ම නැති කර ගන්න.දැනටමත් ඔයා ගොඩක් දන්නවා.
  • ඒ ඒ grammar tense එකට අදාල English Songs තියනවා ඒවා හොයගෙන අහන්න බලන්න කොහොමද language එක use කරලා තියෙන්නේ කියලා.ඒ ඒ grammar sentence structures ඉගෙන ගත්තාම ඒවගෙන් පොඩි පොඩි stories හදන්න.එක එක grammar tenses වලට අදාළව.ඔයාට හැමවෙලාවෙම වෙන ,කරන incidents වලට අදාලව.
  • හැමදාම කන්නාඩිය ලගට ගිහින් විනාඩි කිහිපයක් කතා කරන්න.

විනෝදයෙන් ඉගෙන ගන්න.

  • ඉංග්‍රීසි චිත්‍රපට බලලා වචන කනට හුරැ කර ගන්න.
  • සින්දු අහලා ඔයාට ඇහුනේ ඒ වචනමද බලන්න ආයෙත් lyrics එක්ක අහන්න.
  • යූටියුබ් එකේ තියෙන පුංචි පුංචි ඉංග්‍රීසි කතා නිතර බලන්න.british council website එකෙත් එහෙම කතා තියෙනව.

භාවිතාව සහ ඉගෙන ගැනීම තමයි වැදගත් ම.

  • Vocabulary Book එකක් maintain කරන්න.
  • පොඩි පොඩි පොත් කියවන්න.ඒවගෙන් බලාගෙන වචන වෙනස් කර කර ලියන්න බලන්න.Conversations වලට එන spoken terms පාඩම් කරන්න.
  • හැමවෙලාවෙම භාවිතා කරන්න වෙන වචන වලට සමාන පද බලන්න.ඒවා කතා කරද්දී එකතු කර ගන්න.
  • දන්නේ නැති වුනාම බය වෙන්න එපා.ඒ ගැන හොයලා බලලා ඉගෙන ගන්න.
  • වචන ශබ්ද කරන online dictionary එකක් අදම ඩවුන්ලෝඩ් කරන්න .

දන්නේ නැහැ කියලා අත් අරින්න එපා. වැරදෙන තරමට නිවැරදි වෙන්න ලේසියි.අදම ඔයාගේ කතාව ලියන්න පටන් ගන්න.හැබැයි ඉංග්‍රීසියෙන් ලියන්න මතක තියා ගන්න.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles