ගමනක් යන්න කලියෙන් ඔබ මතක තබාගත යුතු වැදගත් smart tips

ගුවන් පර්යන්තයකදී වගේම වෙනත් කාර්ය බහුල ආයතනයන් වලදීද ටිකට් පතක් හෝ හැඳුනුම් පත සොයාගන්න බැරිව මුළු බෑගයම අදින අවස්ථාවන් ඔබ කොතෙකුත් දැක ඇති. එය සියළු දෙනාටම හිරිහැරයක්. මේ smart tips එවැනි අවස්ථාවන් මගහරවා ගන්නයි.

  1. ජලය, ආහාර, දියර බෙහෙත්, ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් සහ make-up යනාදිය මතක ඇතිව ඔබ ගමන් ගන්නා ගුවන් සේවාවෙහි hand luggage එකේ රැගෙන යන්න ලබා දෙනවා දැයි කලින්ම විමසා දැනගන්න. එමඟින් ඔබට අනවශ්‍ය ලෙස රස්තියාදු වීම් මගහරවා ගත හැක.
  2. හැඳුනුම් පත්, විදේශ ගමන් බලපත්‍රය, ටිකට්පත් සහ Boarding Pass වැනි දෑ පහසුවෙන් ගතහැකි වනසේ අසුරාගන්න.
  3. ඔබේ ගුවන් ටිකට්පත, විදේශ ගමන් බලපත්‍රයේ සහ එහි වීසා සහිත පිටු වල පිටපත් වෙනමම ලබාගන්න නැත්නම් ස්කෑන් කර ඔබේ ඊමේල් ගිණුමට හෝ ක්ලවුඩ් එකකට අප්ලෝඩ් කරගන්නවා නම් නුවණට හුරුයි. ඔබේ වටිනා ලියකියවිලි නැතිවුනොත් තාවකාලිකව හරි එමඟින් ඔබට සහනයක් ලැබාගත හැකියි.
  4. හොඳට ඇසට පෙනෙන ස්ථානයක ඔබේ ලැයිස්තුවේ ඇති බඩු සියල්ල තබා අවශ්‍ය සියල්ල තිබේදැයි පරීක්ෂාකර බලන්න.
  5. බඩු වර්ග කර අදාළ කුඩා මලු වලට අසුරාගන්න. මතක ඇතිව ඔබේ hand luggage එකේ ඇති කුඩා පොකට්ටු ප්‍රයෝජනයට ගන්න.
  6. ඔබට පළමුවෙන්ම අවශ්‍යවන දෑ අතට හසුවන මානයෙන්ද පසුව අවශ්‍යවනදෑ බෑගයේ යටින්මද අසුරාගැනීමට වගබලාගන්න. ඒ අනුව බෑගය අසුරන්න පටන් ගතයුත්තේ පසුව අවශ්‍යවන දෑ සමඟිනි.

මේ smart tips ටික මතක තබාගත්තොත් ගමනක් යනවිට කිසිම කලබැගෑනියක් නැතිව සැහැල්ලුවෙන් ගමනක් යන්න පුළුවන්.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles