සිහින් eyebrows නිසා ඔබත් පීඩාවෙන්ද?

තුනී ඇහිබැම කියන්නේ බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන කරුණක්. මේ ලිපියෙන් කියවෙන්නේ ඝන ඇහිබැමක් සඳහා කළ හැකි ප්‍රතිකාර කිහිපයක්.

1. පොල් තෙල් සහ එඬරු තෙල්

එඬරු තෙල් කියන්නේ තුනී ඇහිබැමි වලට හොඳ සත්කාරයක්. මේද අම්ල, මිනරල් හා පෝෂණ ගුණයන් රැසක් එහි අඩංගුයි. කුඩා භාජනයක් අරගෙන පොල් තෙල් තේ හැන්දක් හා එඬරු තෙල් තේ හැඳි භාගයක් මිශ්‍ර කරන්න. ඊට පස්සේ කොට්න් බඩ් එකකින් ඇහිබැමි වල ආලේප කරන්න. මිනිත්තු 2 ක් පමණ සියුම්ව ඇඟිලි වලින් පිරිමදින්න. රාත්‍රී නින්දට පෙර මේ සත්කාරය සිදු කර උදෑසනට සෝදා ඉවත් කරන්න. අවම වශයෙන් සතියකට 3 වතාවක් පමණ සිදු කරන්න.

2. ඔලිව් තෙල් සහ පොල්තෙල්

ඔලිව් තෙල් විටමින් E වලින් පොහොසත් වන අතර ඇහිබැමි වේගවත් ලෙස වර්ධනය කරන්නත් ඝන ඇහිබැමි සඳහාත් එහි ගුණයන් උපකාරී වනවා. පොල් තෙල් තේ හැන්දකට ඔලිව් තෙල් තේ හැඳි භාගයක් මිශ්‍ර කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්භාහනය කර උදෑසන සෝදා ඉවත් කරන්න.

3. වැස්ලින් සහ පොල්තෙල්

වැස්ලින් දිගු, ඝණ මෙන්ම ශක්තිමත් ඇහිබැමි වර්ධනය කිරීමට උපකාරී වෙනවා. පොල් තෙල් තේ හැන්දකට වැස්ලින් තේ හැඳි 1/2 ක් මිශ්‍ර කර තුනී ඇහිබැමි මත ආලේප කරන්න. විනාඩි කිහිපයක් සම්භාහනය කර විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න. මෙය රාත්‍රියේ ආලේප කරත් ගැටළුවක් නෑ.

4. ලෙමන් යුෂ සහ පොල්තෙල්

ලෙමන් යුෂ අනවශ්‍ය ලෙස මතු වී එන තෙල් පාලනය කරනවා. ඒ වගේම කුණු දූවිලි ඉවත් කරනවා. ලෙමන් ගෙඩි භාගයක යුෂ වලට පොල්තෙල් මේස හැඳි භාගයක් මිශ්‍ර කර ඇහිබැමි මත ආලේප කරන්න.

Related Articles

Don't Miss


Latest Articles