බෙඩ් ටයිම් ස්ටෝරි – වඳුරු නායකයාගේ මොලේ..

ඔබේ පොඩිත්තාගේ පරිකල්පන ශක්තිය දියුණු කරන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි කතන්දර කියා දීම. රෑට නිදා ගන්න වෙලාව තමයි මේකට වඩාත් සුදුසු.එහෙමත් නැත්නම් කෑම කවාගන්න අපහසු පොඩිත්තන්ට කෑම කවාගන්න වගේම නිතරම දඟ කරන පොඩිත්තන් එක තැන රඳවා ගන්නත් අම්මලාට මේ කතන්දර වැදගත් වේවි.

ඉතින් කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති

වඳුරු නායකයාගේ මොළේ..

ඔන්න එකමත් එක කාලෙක මහ කැලැවක වඳුරු රංචුවක් හිටියා කැලේට  ලොකු නියගයක් ආවා .එයාලා සුපුරුදු පරිදි වතුර බීපු විලත් හිඳුනා .ඉතින් වඳුරු නායකයා එයාගේ රංචුවත් සමඟ වතුර හොයාගෙන තවත් ඝන කැලෑව මැදට  ගියා.

ඔහොම යද්දි විශාල විලක් ඔවුන්ට  දකින්න ට ලැබුණා .වඳුරු රංචුවට හරිම සතුටුයි .හැමෝම ඉක්මනින්ම විලට බැහැලා වතුර බොන්න සූදානම් වුණා .නමුත් එයාලට  නායකයා කිව්වා කවුරුත් විලට බහින්න එපා කියලා . නායකයා විල වටේ හොඳින් වටපිට බලමින් ඇවිද්දා.

එතකොට වඳුරු නායකයා දැක්කා විලට බැහැපු අඩි සලකුණු මිස විලෙන් ගොඩ ආව අඩි සලකුණු නැති බව .ඒ නිසා වඳුරු නායකයා  තමන්ගෙ රංචුවට කිව්වා විලේ දිය රකුසෙක් ඉන්න බව.මේක ඇහුණු දිය රකුසා දිය මතට ආවා .ඒත් වඳුරු රංචුවේ හැමෝටම වතුර තිබහයි .දියට බැස්සොත් රකුසා අල්ල ගන්නවා.ඒත් වඳුරු නායකයා හරිම බුද්ධිමත් කෙනෙක් .විල අසල බට පඳුරකින් බට කඩා ගත් වඳුරු නායකයා ඒවා තමාගේ පිරිසට දුන්නා.දියට  බහින්නේ නැති ව වඳුරු රංචු ව සතුටින් වතුර බිව්වා .

හොඳයි නේද වඳුරු නායකයා ගේ මොලේ.

Related Articles

Don't Miss


Latest Articles