Little Chef – පළතුරු පොප්සිකල් හදමු..

පළතුරු කන්න අකමැති පොඩ්ඩෙක් නම් ඔබේ ගෙදරත් ඉන්නේ, පහසුවෙන් පළතුරු කවා ගන්න ක්‍රමයක් තමයි මේ.පොඩ්ඩොත් එක්කම එකතු වෙලා විවේක දවසේ හදලා බලන්න හොඳ කෑමක් මේ.

මෙන්න මේ දේවල් හොයාගන්න.

  • හොඳට ඉදුණු අඹ තීරු කිහිපයක්
  • ලෙලි ඇර ගත් ඇඹුල් කෙසෙල් ගෙඩියක්
  • කොමඩු මදය
  • යෝගට් කෝප්පයක්
  • ලෙමන් යුෂ මේස හැන්දක්
  • ලුණු ටිකක්
  • liquid glucose syrup මේස හැඳි එකක්
  • අවශ්‍ය නම් සීනි ටිකක්

මෙන්න මෙහෙමයි හදන්නේ

  • පලතුරු සියල්ලම හොඳින් පොඩි වෙන ලෙස බ්ලෙන්ඩ් කර ගන්න .
  • එයටම සීනි ලෙමන් යුෂ යෝගට් ග්ලූකෝස් දමා නැවතත් බ්ලෙන්ඩ් කර ගන්න .
  • මෙම මිශ්‍රණය popsicle molds එකකට දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න
  • ඉවතට ගෙන අයිස් ක්‍රීම් කෝටුවක් එයට සවි කරන්න .
  • නැවත පැය හතරක් පමණ අධි ශීතකරණයේ තබන්න .
  • මද උණුසුම් වතුර බඳුනක තත්පර කීපයක් ගිල්වා තැබීමෙන් ඉක්මනින් ගලවා ගන්නට පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles