වැඩි කරදරයක් නැතිව මංගල උත්සවයකට guest list එකක් හදාගන්නෙ මෙහෙමයි

0
3174

අයියෝ කී දෙනෙක්ට කියන්න ඕනිද? නෑයන්ට නම් කියන්නම ඕන, එතකොට Office එකේ කට්ටිට නොකිව්වොත් වැඩට ලිහිල්ලත් ඉවරයි, ඇයි ඉස්කෝලෙ යාළුවො?  මෙය මංගල උත්සවයක් සංවිධානය කරද්දී එන ලොකුම ගැටළුවක්. නිවැරදිව guest list සාදා ගනන බැරි උනොත්  ඔබට ඕනම කෙනාටත් එන්න කියන්න බැරිවෙන්න පුළුවන් වගේම මංගල උත්සවය සදහා ඔබට දරා ගත නොහැකි අධික මුදලක් වියදම් වේවි…

guest list එක හරියට පාලනය කරගත්තෙ නැතිනම් ඔබ පත්වෙන්නේ ලොකු අපහසුතාවයකටයි… ඒ නිසාම  අමුත්තන් ප්‍රමාණය සීමාකරගෙන ඔබට ආරාධනා කල යුතුම අමුත්තන්ව තොරා ගැනීමට ඔබට අනුගමනය කල හැකි වැදගත් උපදෙස් කිහිපයක් අපි රැගෙන ආවා…. ඔබට අවශ්‍ය guest list එක සකස් කර ගන්න මේ smart tips ඔබට උදව් වේවි..

  1. අඩුම ගණනේ අවුරුදදකින්වත් ඔබට කතාකොට නොමැති අමුත්තන් මුලින්ම ලැයිස්තුවෙන් කපාහරින්න.
  1. Wedding announcement/ save the date එකක් යවා එදිනට එන්නට පුළුවන් අමුත්තන් ප්‍රමාණය කලින්ම තහවුරු කර ගෙන පමණක් ලැයිස්තු ගතකරන්න. මන්ද එදිනට සහභාගී වීමට අපහසු පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කීරීම තුලින් එම ඉඩකඩ සදහා කල් ඇතිව ඔබේ වෙනත් මිතුරෙකුට ආරාධනා කිරීමට ඔබට හැකි වේවි.
  1. ඔබට අති විශාල නෑදෑයින් පිරිසක් හා විශාල මිතුරන් පිරිසක් සිටීනම්…, සීමිත ආරාධිත පිරිකට කුඩා මංගල උත්සවයක් ඔබ කැමති තැනක  පවත්වා, ඔබේ නෑයන්ට හා ඔබේ සමීප මිතුරන්ට චාම් උත්සවයක් වෙනත් ස්ථානයකදී පවත්වන්න.
  1. guest list සැකසීමේදී නිතරම අවධානයෙන් සිටින්න. ඔබේ දිවියේ දුක, සැප බෙදාගනිමින් ඔබ සමග සිටි සමීපතයන් සදහා පමණක් සීමා වන්න, ඔබ දැන හදුනන සියළු දෙනා එදිනට සහභාගී විය යුතු බවට තිබෙන වැරදි ආකල්පයෙන් ඉවත් වන්න.
  1. Guest list එක සටහන් කරතබාගන්න. මේ සඳහාවන App එකක් download කරගත්තොත් වඩාත් පහසුයි.

මේ දේවල් ගැන ඔබ නිසි අවධානයක් යෙදෙව්වොත් ඔබටත් සතුටින් පිරි smart bride කෙනෙක් වෙන්න පුළුවන්.

– කල්හාරී –