හවස තේ වෙලාවට සමෝසා..

ඡන්දේ දාලා ඇවිත් ගෙදර හැමෝම රිලැක්ස් එකේ ඉන්න වෙලාවේ හවස තේ බොන්න මොනවා හරි හදන්න හිතෙනවා නේද..

අපි උණු උණුවේ කන්න රසම රස සමෝසා හදමු..

අවශ්‍ය දේවල්:

සමෝසා පිටි මිශ්‍රණය සඳහා:

  • පාන් පිටි කප් 3
  • ලුණු
  • බේකින් සෝඩා තේහැදි 1/2
  • සුදුරු තේහැදි 1
  • වතුර
  • ගිතෙල්(ghee) හෝ වෙජිටබල්(vegetable oil) ඔයිල් මේස හැදි 4

සමෝසා පිරවුම(filling එක) සඳහා:

  • තම්බා පොඩි කර ගත් අල
  • සිහින්ව කපා ගත් ලොකු ළූණු
  • කුඩාවට කපා ගත් තක්කාලි
  • සිහින්ව කපා ගත් සුදු ළූණු ට
  • සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ සහ ළූණු කොළ
  • කහ කුඩු , මිරිස් කුඩු හෝ කෑලි මිරිස්
  • අබ හා රස අනුව ලුණු

සමෝසා පිටි මිශ්‍රණය සාදා ගන්නා ආකාරය:

  • වතුර හැර අනිත් සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න .
  • පසුව එයට වතුර ටික ටික දමා මෘදු පිටි මිශ්‍රණයක් ලැබෙන සේ හොඳින් අනා ගෙන පැයක් පමණ වසා තබන්න.

සමෝසා පිරවුම සාදා ගන්නා ආකාරය:

  • භාජනයක් ලිපේ තබා එයට තෙල් ටිකක් දමන්න
  • රත් වු පසු සූදුරු ටිකක් හා අබ ටිකක් දමා ගන්න.
  • සිහින්ව කපා ගත් ලොකු ළූණු සුදු ළූණු දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න
  • දැන් එයට කපා ගත් තක්කාලි ද දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට කහ, මිරිස් කුඩු හෝ කෑලි මිරිස්, රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු පොඩි කර ගත් අල හා සිහින්ව කපා ගත් කොත්තමල්ලි කොල හා ළූණු කොළ දමා හොඳින් කලවම් කර ලිප නිවා ගන්න
  • නිවෙන්න හරින්න.

සමෝසා සාදා ගන්නා ආකාරය:

  • සාදා ගත් පිටි මිශ්‍රණයෙන් ටිකක් අරගෙන හොඳින් තුනීව රෝල් කරන්න.
  • පසුව රවුමට පිටි මිශ්‍රණය කපා ගන්න.
  • දැන් ඒ කපා ගත් පිටි මිශ්‍රණය කොටස් දෙකකට කපා ගන්න.
  • එම කපා ගත් බාගයක කොටසක් ගෙන ගොටුවක් ආකාරයට සාදා ගන්න.
  • එලෙස ගොටුව සාදා ගැනීමේ දී එක කොටසකට වතුර බිඳු තවරා අනිත් කොටස හොඳින් අලවා ගන්න.
  • සාදා ගත් ගොටුවට අල මිශ්‍රණයෙන් දමා පුරවා ගෙන උඩ කොටස වටේම වතුර ස්වල්පයක නැවත ගා ගෙන සමෝසා එක හොඳින් අලවා ගන්න .

මේ විදියට අමාරු නම් සමෝසා ෂීට් සුපිරි වෙළඳසැලකින් මිලට ගන්න.

ඉන්පසුව සාදා ගත් සමෝසා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැද ගන්න.

Related Articles

Don't Miss


Latest Articles