කාන්තා ඔබට Smart Look එකක් දෙන නවතම අත් ඔරලෝසු විලාසිතා..

කාන්තා අපේ විලාසිතා ඇඳුම්, හෑන්ඩ් බෑග් සහ සපත්තු, අව් කණ්නාඩි,මේකප් වගේ දේවල් විතරක් කියලා ඔබ හිතනවා නම් මම ඔබට අමතක වුණු අපූරුම දෙයක් මතක් කරන්නම්.

ඒ තමයි අත් ඔරලෝසු..

අපි  Wrist Watch කියලා තමයි  අත් ඔරලෝසු හඳුවන්නේ. සාමාන්‍ය මිල ගණන් වල ඉඳන් ඉතාමත් අධික මිල පරාසයකට අත් ඔරලෝසු මිල වෙනවා.හදන්න භාවිතා කරන දේවල් නිසා තමයි එහෙම මිල වෙනස් වීම් ඇති වෙන්නේ.

අත් ඔරලෝසු නිෂ්පාදන සමාගම් කාන්තාවන් වෙනුවෙන් කාලෙන් කාලෙට විවිධාකාර ට්‍රෙන්ඩ්ස් අරන් එනවා.  ඇත්තම කිව්වොත් හරිම ඉක්මනින් මේ ට්‍රෙන්ඩ් වෙනස් වෙනවා.

සාමාන්‍ය සම් පටිය, රබර් පටි, සාමාන්‍ය ලෝහ වලින් පටන් ගන්න අත් ඔරලෝසුවල පරාසය රිදී , රත්තරන් , ප්ලැටිනම් වගේ මිල අධික ලෝහ වර්ග දක්වා විහිද යනවා.

මුහුණත සහ පටිය තමයි අත් ඔරලෝසුවල වටිනාකම තීරණය වන ප්‍රධානම සාධක වෙන්නේ. විලාසිතාවක් වගේම විනෝදාංශයක් ලෙසත් ඔරලෝසු එකතුවක් පවත්වාගෙන යන්න බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වනවා. මේ නිසා ඔරලෝසු විකිණීම සඳහාම වෙලඳ සැල් පවතිනවා.

Bangle Watch කියන්නේ බොහෝ කාන්තාවන්ගේ පැරණි නොවන විලාසිතාවක්. එය පැළඳූ විට වෙනත් ආභරණ පළඳන්නට අවශ්‍ය නොවීම තමයි එයට ප්‍රධානම හේතුව.

අපේ රටේ ජනප්‍රියම බ්‍රෑන්ඩ් මොනවා ද?

Casio සහ Titan අපේ රටේ කාන්තාවන් අතර ජනප්‍රියම බ්‍රෑන්ඩ් දෙකක් ලෙස හඳුන්වන්න පුලුවන්.හොඳ පෙනුමක් සහ බොහෝ කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වීම වගේම දැරිය හැකි මිලක් තිබීම එයට ප්‍රධානම හේතුවයි.

Guess, Swatch, D & G වගේ බ්‍රෑන්ඩ් Duty free අරගන්න ලංකාවේ අපිට හැකියාව තියනවා.

2020 දී ලෝකයේ Wrist Watch ට්‍රෙන්ඩ් එක කොහොමද?

විලාසිතා සම්බන්ධ වෙබ් අඩවි වලට අනුව මේ අවුරුද්දේ ට්‍රෙන්ඩ් වුණු කාන්තා අත් ඔරලෝසු අතර මුල් තැන ගන්නේ මේ බ්‍රෑන්ඩ්. මේවා මිලාධික බවත් නොකියාම බෑ.

1.Gucci
2.Chanel
3.Coach
4.Versace
5.Emporio Armani

හැබැයි දැන් ලෝකේ Trend එක Smart Watch.

ලෝකය තාක්ෂණය එක්ක ලොකු ගමනක් යන මේ කාලයේ ජනප්‍රියම Trend එකක් වෙලා තියෙන්නේ Smart watch

ස්මාට්වොච් කියන්නේ  ස්මාට්ෆෝන් එකත් එක්ක රැහැන් රහිතව සම්බන්ධ වෙලා එක්ක වැඩ කරන්න පුළුවන් උපාංගයක්.එහෙමත් නැතිනම් ස්මාට්වොච් එකටම සිම් එකක් දාලා, ස්මාට්ෆෝන් එකක අවශ්‍යතාවයක් නැතුවම ස්මාට්වොච් එකෙන් සියලුම දේවල් කරගන්න පුළුවන්.

ඒ නිසා ගැහැනු පිරිමි භේදයක් නැතිව Smart watch වලට හුරු වෙමින් ඉන්නවා.

අත් ඔරලෝසු ගැන මේ වගේ කතා බොහොමයක් කියන්න පුලුවන්. ඔයාගේ පෙනුමට Smart ගතියක් එකතු කරන හොඳ වොච් එකක් තෝරා ගන්න අමතක කරන්න එපා. ඔරලෝසුවකට හැම වෙලාවෙම අපේ පෙනුම ඔප් නංවලා පෙන්වන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles