කියවන්න පොතක් – මැටිල්ඩා

0
743

ස්මාර්ට්ලේඩි කෙනෙක් හැටියට ඔබට වගේම පාසල් වයසේ ඉන්න දූලාට පුතාලටත් ගැළපෙන අපූරු පොතක් ගැන තමයි අද කියන්නේ.

එයාගේ පුංචි නිදන කාමරය දැන් එයාගේ කියවීම් ශාලාව වෙලා . හැම හවස් වරුවෙම හොඳ චොකලට් වීදුරුවකුත් රස්නෙට හදාගෙන පොත් කියවනවා. තට්ට තනියම ගෙදරට වෙලා ඉන්න සවස් වරුවේ ,ඒ වගේ උණුසුම් බීමක් හදාගෙන නිදන කාමරයට වෙලා ඔහේ පොතක් කියව කියව ඉන්න මැටිල්ඩා ගොඩක් ආසා කලා. පොත් වලින් එයාව අරුම පුදුම ජීවිත ගෙවන මිනිස්සුන්ට හදුන්වල දුන්න. අරුම , ආසා හිතෙන ලෝක වලට එක් කරගෙන ගියා . අර්නස්ට් හෙමිංවේ එක්ක අප්‍රිකාවට ගියා. රඩ්යාඩ් කිප්ලින් එක්ක ඉන්දියාවට ගියා.එය එයාගේ පුංචි ඉංග්‍රීසි ගම්මානේ තිබුන එයාගේ ගෙදර නිදන කාමරේ ම ඉඳගෙන , ලෝකේ වටේටම ගියා.”

Roald Dahl ළමා වියට අපූරු මතක එකතු කරන අපූරු ළමා කතා රචකයෙක්. ඔහු අතින් ලියැවුණු විශිෂ්ඨ කෘතියක් තමයි මැටිල්ඩා කියන්නේ. මෙහි සිතුවම් නිර්මාණය වෙන්නේ Quentin Blake අතින්.

අතිශය කාර්යබහුල මව් පියන්ට දරුවන් මඟ හැරෙනවා.සමහර වෙලාවට ඒ දේ ඉතාම නරකට දරුවෙක් ට බලපානවා. ඒත් මැටිල්ඩා ඒ නරක තුළින් යහපත සොයා ගත් අපූරු දැරියක්.

ඇය කියවීමට ඇබ්බැහි වෙනවා. මේ ඇබ්බැහිය නිසා ඇය හොඳ පොත් ගුල්ලියක් බවට පත් වෙනවා.

පාසල් යන මැටිල්ඩා මිස් හනීගේ ආදරණීම ශිෂ්‍යාව වෙනකොට ඕනෑම පාසලකින් හමුවිය හැකි “බුලි කරන ගුරුවරිය” මිස් ට්‍රන්ච්බුල්” හෙවත් විදුහල්පතිවරිය හැටියට අපිට මුණ ගැහෙනවා.

මැටිල්ඩා කතාව පුරා දරුවෙකුට අවශ්‍ය ආදරය, මඟ පෙන්වීම ගැන අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුලුවන්.

මෙහි සිංහල පරිවර්තනය උපාලි උබයසේකර මහත්මයාගේ යි.

කුඩා මැජික්කාරිය මැටිල්ඩා ඔබ හමුවිය යුතුම චරිතයක්.

ස්මාර්ට් ගුරුවරියක්, ස්මාර්ට් දැරියක් සමඟ ස්මාර්ට් නැති අම්මා කෙනෙක් සහ මුල් ගුරුවරියක් ඔබට හමු වේවි.