දත්වල කහ පැහැය යවන අත් බෙහෙතක්..

දත් කහපාට වීම අපේ පෞරුෂයට බාධා කරන්නක්. ලස්සනට හිනා වෙන්න, සමාජයේ පෙනී ඉන්න දත් කහපාට ට තියෙනකොට අපිව පසුගාමී කරනවා.

ඉතින් දත්වල කහ පාට යවන අත් බෙහෙතක් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා.

ඇයි දත් කහපාට වෙන්නේ?

තුනී එනැමලයක් තිබීම.

තුනී එනමලයක් තියෙනවිට එහි පාරදෘශ්‍ය බව නිසා දන්තිනයේ කහ පැහැය පෙනෙන්න පුලුවන්.

දන්ත ෆ්ලෝරෝසියාව

කිවුල් වතුර තියන පළාත් වල ඉන්න අය පානය කරන ජලය ඉතා කිවුල්. මේවාගේ ෆ්ලෝරයිඩ් අධිකයි. ඒවා දත් වල බැඳීම හානිකරයි.

හොඳින් දත් නොමැදීම.

මේ නිසාත් දත් වල කහ පැහැය ඇති වෙනවා. දත් වල මැලියම් බැඳීම තමයි හේතුව.

විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම.

මීට අමතරව බුලත් විට කන පුද්ගලයන්, දත් වලට හානි වූ අයගේ දත් සාමාන්‍යයෙන් කහ පැහැයෙන් යුක්තයි.

අපි මේ තත්ත්වය පාලනය කර ගන්න ගෙදරදීම අත් බෙහෙතක් හදලා බලමු..

මේ සඳහා අවශ්‍ය වෙන දේවල්

  • කහ කුඩු මේස හැඳි දෙකක්
  • පොල් තෙල් මේස හැන්දක්
  • පෙපර්මින්ට් තෙල් ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය


පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න. පෙපර්මින්ට් තෙල් යොදන්නේ මින්ට් රසයක් ගැනීමටයි.

භාවිතා කරන්නේ මෙහෙමයි..

  • මිශ්‍රණයේ දත් බුරුසුව ගිල්වා හොඳින් දත් මදින්න.
  • ඉනපසු විනාඩි 3-5 කට නොසෝදා සිටින්න. පසුව කට සෝදා හරින්න.
  • නැවත මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර නැවත මදින්න.
  •  


කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගත්ය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්. කුමන ආකාරයේ දන්ත සංවේදීතාවකට වුවත් මේ අත් බෙහෙත ඉතාමත් ගුණදායකයි.

Related Articles

Don't Miss


Latest Articles