නින්දට අකමැති පුංචි දඟකාරයින්ව ඇඳට ගන්න අමාරු අම්මලා පොඩි වෙලාවක් අරගෙන මේ ලිපිය කියවන්න

වයස අවුරුදු 5 -8 අතර අතිශයින්ම දඟකාර වයසක ඉන්න කුඩා දරුවන් නින්ද සඳහා ඇඳටගැනීමට දෙමාපියන්ට ලොකු යුද්දයක් කරන්න වෙනවා. ඇත්තටම මෙවැනි වයසක ඉන්න ළමයෙකුට පැය 12 -10 ත් අතර කාලයක නින්දක් අත්‍යාවශ්‍ය වෙනවා. දරුවාගේ කායික සහ මානසික වර්ධනයට මෙය අනිවාර්යයෙන්ම ඕනෑම වෙනවා. ඒත් ඒ බව කොතරම් දැනගත්තත් නින්ද සඳහා ඇඳට ගැනීමේ යුද්දය නිසා, දෙමාපියන්ද ළමයාට නිදිමත එනතුරු යැයි බලාසිටිමින් ඉන්නවා. අවසාන ප්‍රතිපලය වන්නේ ඔවුනට සුදුසු නින්දක් නොලැබීම වන අතර එය විවිධ සංකුලතා රැසක ආරම්භයද වනවා. ඒ නිසා අද අපි කල්පනා කළා ඔබේ පුංචි දඟකාරයව කරදරයක් නැතිව ඇඳට ගැනීමට කලයුතු පුංචි දේවල් ටිකක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න.

හැමදාම එකම වෙලාවකට ඇඳට යාමට පුරුදු කරන්න

ළමුන් බොහෝ විට වෙලාවකට හුරු කිරීම පහසුයි. මොන වැඩ තිබුණත් හැමදාම එකම වෙලාවකට ඔවුන්ව ඇඳට ගැනීමට පුරුදු කරන්න.

ඇඳට යාමට පෙර ඇඟ පත සෝදන්න

ඇඟ පත සෝදා, රෑ ඇඳුමකින් සැරසුවාම එය තව මොහොතකින් ඇඳට යාමට ඔහුට හෝ ඇයට දෙන අවාචික සඥාවක් බව ඔවුන් නිතැතින්ම තේරුම් ගන්නවා.

නිස්කලංක මොහොතක්

නිතරම නින්දට පෙර බෙඩ් ටයිම් ස්ටෝරි එකක් කියාදීමට පුරුදු වෙන්න. එය සුන්දර එකක් වීමට වග බලා ගන්න. බය හිතෙන, දුක හිතෙන කතා වලින් ඉවත් වන්න.

සංගීතය

මෘදු සංගීතයක් පසුබිමින් වාදනය කරන්න.ප්ලේයර් එකක්ම අවශ්‍ය නැහැ. ඔබේ ස්මාට් දුරකථනය උදව්වට ගන්න.

ආලෝකය

මෘදු ආලෝකයක් පමණක් තබා ගැනීමට වගබලා ගන්න. ලයිට් එක දමා නිදි කරවීමට පුරුදු කරන්න එපා. ආලෝකය නිවා දැමීම හෝ අඩු කිරීමක් කරන්න.

සමාව

දවසේ සිදුවූ අයහපත් අත්දැකීම් වලින් ඔහුව නිදහස් කරන්න. ඔහු හොඳ දරුවෙකු බව ඔහුට පවසන්න. ඔහුගේ අයහපත් හැසිරීම් නින්දට පෙර මතක් නොකරන්න.

ආදරය

සුබ රැයකට සුබ පතමින් ඔහුව හෝ ඇයව වැළඳගන්න. උණුසුම් ආදරයෙන් පිරුණු හාදුවක් දෙන්න. මුලු ලෝකයේම සිටින ඔබට වටිනාම තැනැත්තා ඔහු හෝ ඇය බව පවසන්න.

ඉතින් මේ සියල්ල අනුගමනය කරලා බලන්න. මේ වෙනුවෙන් ඔබට යම් කාලයක් මිඩංගු කිරීමට සිදුවන නිසා ඔබේ වැඩ කටයුතුත් මනාව සංවිධානය කරගන්න. දවස් කිහිපයකින් ඔබේ පෙළඹවීමක් නැතිවම ඇඳට යන වෙලාවට ඔහු හුරු වන අයුරු ඔබට බලන්න පුළුවන්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles