දවසම A/C එකේ ඉන්න ඔබේ සෞඛ්‍ය රැක ගන්න වැදගත් Tips

ඔෆිස් එකේ ඉන්නකොට දවසම වායු සමීකරණයේ ගෙවන්න අපට සිද්ධ වෙනවා. මේකට සමහරු කැමති වුණත් සමහරු අකමැතියි.

නමුත් මෙන්න මේ කාරණා දැනගෙන සෞඛ්‍ය රැක ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ

A/C එකක දවසම ඉඳීමේ අවාසි මොනවාද?

සිරුර විජලනය වීම.

වායු සමීකරණ කරන ලද තැනක දවස පුරා සිටීම නිසා ඔබගේ ශරීරයේ විජලන තත්වයන් ඇති වෙන්න පුලුවන්. ජල පරිභෝජනය අඩු වීම තමයි හේතුව.

සම වියලීම.

දවස පුරා වායු සමීකරණය කරන ලද පරිසරයක සිටීමෙන් ඔබගේ සම වියලි තත්වයට පත් වෙනවා. වායු සමීකරණ යන්ත්‍රය අවට පරිසරයේ විතරක් නෙවෙයි ඔබේ සමේ ඇති තෙතමනය ද උරා ගැනීම හේතුව විදියට දක්වන්න පුලුවන්

ආසාත්මිකතා ඇති වීම

සමහර විට සම රතු වීම, සම ඉදිමීම, මෙන්ම දැවිල්ල සහ කැසීම් ඇති වෙනවා.

තෙහෙට්ටු ගතිය.

වායු සමීකරණය කරන ලද කාර්යාල වල වැඩ කරන විට සමහර වෙලාවට තෙහෙට්ටුව සහ හිසරදය ඇති වෙන්න පුලුවන්. ස්වසන රෝග හා සෙම් රෝගත් ප්‍රධානම ගැටලුවක්.

ඒත් ඔෆිස් එකක් ඇතුළේ අපිට A/C එකේ ඉන්නම වෙනවා. සෞඛ්‍ය රැකගෙන A/C එකක් භාවිතා කරන්න මේ ටිප්ස් ඔබට වැදගත් වෙයි.

  • එක කාමරයකට වායු සමිකරනය සවි නොකර අවම වශයෙන් කාමර 3කට වත් ලෙස වායු සමීකරණය සවි කරන්න.
  • නිරන්තරයෙන් වායු සමීකරණ ෆිල්ටරය පිරිසිදු කරන්න. එමඟින් වායු සමීකරණය නිසා ඇති වන විෂබීජ ආසාදන වලින් ආරක්ෂා වීමට පුළුවන්.
  • ඔබ දිනපතා වායු සමීකරණයේ සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයක් භාවිත කරන්න. ලිප් බාම් එකක් භාවිතා කිරීමත් ඉතාම වැදගත්.
  • ඉද හිට වායු සමීකරණය ක්‍රියා විරහිත කරන්න.. වායු සමීකරණය ටික වෙලාවක් ක්‍රියාත්මකව පවතින විට කාමරයේ උණුසුම අඩු වී සිසිල් වෙනවා. එවිට ඔබට පුළුවන් ටික වෙලාවකට වායු සමීකරණය ක්‍රියා විරහිත කොට තබන්න.
  • ඔබ වායු සමිකරණය තුළ දවසේ සැලකිය යුතු කාලයක් රැඳී සිටිනවා නම් ඉතාමත් මෘදු සබන් වර්ගයක් භාවිතා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles