ඔබ ඇතුලෙ හැංගී ඉන්න ඔබව සොයා ගන්න කැමතිද?

ජීවිතේ එක් එක් වයස් මට්ටම්වලදි අපට ළං වෙන අය එක්ක අපි සම්බන්ධකම් අලූත් කරගන්නවා. පුංචි කාලෙ අම්ම තාත්තා ළඟ හුරතල් වුණ පුංචි සිඟිත්තිය ලොකුමහත් වුණාට පස්සෙ තමන්ගෙ ස්වාමි පුරුෂයාට හොඳ බිරිඳක් වෙලා ටික දවසකට පස්සෙ පුංචි දරු පැටියෙකුට අම්ම කෙනෙක් වෙනවා. ටිකක් වයසට ගියාම ඒ දරුවන්ගෙ දරුවන්ටත් ආච්චි කෙනෙක් වෙනවා. ඒත් හැම කෙනෙකුගේම ජීවිතේ ඇතුළෙ හැංගුණ තවත් කෙනෙක් ඉන්නවා. එයා දකින්න හැමෝටම බෑ. එයා හොඳින්ම දකින්න පුළුවන් තමන්ටමයි. මේ තියෙන්නෙ ඒකට හරි පාර.

දවසේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සෙ විවේකීව මේ පරීක්ෂණය කරන්න. ඔබේ එලාම් ඔරලෝසුව විනාඩි පහකින් නාදවන විදියට වෙලාව සකස් කරගන්න.

  • ඔබේ ඇස් අපහසුවකින් තොරව ලිහිල්ව පියාගන්න.
  • ඔබේ ජීවිතයේ ඔබට මතක අතීතයේ කෙළවරට ම හිතින් ගමන් කරන්න.
  • ඔබට තිබුණු ආශාවල්, ඒවා ඉටු වීම නිසා සතුටු වුණ අවස්ථා සියල්ල සිහිපත් කරන්න.
  • ඔබ අතිශයින්ම කම්පාවට දුකට පත් කළ සිදුවීම් අහිමි වී ගිය අවස්ථා සියල්ල සිහිපත් කරන්න.
  • ඔබ ඉතා කැමැත්තෙන් සම්බන්ධ වූ ඔබ නිසා වෙනත් අය සැනසිල්ලට පත් වුණ අවස්ථා සිහිපත් කරන්න.
  • ඔබෙන් වූ අතපසුවීම් නිසා අනික් අයගේ කෝපයට, දෝෂාරෝපණවලට ලක් වූ අවස්ථා සිහිපත් කරගන්න.
  • ජීවිතයේ එක් එක් අවස්ථාවල දී ඔබ විසින් ඔබේ ජීවිතය තුළ අරගත් තීරණ සිහිපත් කරන්න.
  • ඔබේ මොන්ටිසෝරිය, ඔබේ පාසල, ඔබේ සරසවිය, ඔබේ රැුකියා ආයතනය, ඔබේ නිවස මේ හැම තැනකදීම ඔබ ඉතාමත් ම සතුටට පත් වූ අවස්ථා වෙන වෙනම මතක් කර බලන්න.
  • ඔබ ගිය විනෝද චාරිකා, පූජනීය ස්ථාන, මඟුල් ගෙවල් ආදී උත්සව අවස්ථා ඔබ විනෝදාංශ හැටියට කළ කී දෑ, ඔබ ඉතා ආශාවෙන් අනුභව කළ ආහාර වර්ග, ඔබ ප‍්‍රිය කළ අතුරු පස වර්ග, පළතුරු වර්ග, ඔබ අඳින්නට ආශා කළ ඇඳුම්, පාවහන්, පැළඳුම්, මේ සියල්ල සිහිපත් කරගන්න.
  • දැන් ඔබ සිහිපත් කළ සියල්ල කලම්බනය වෙන්නට ඉඩ හරින්න. කලබලයකින් තොරව ලිහිල්ව හුස්ම ගන්න. අපිළිවෙළට තැනින් තැන මතක් වන සිද්ධි චරිත අතර ඔබ විවිධ අයුරින් සිටින හැටි ඔබට පෙනේවි.
  • වැඩිම වාරගණනක් ඔබේ ඇස ගැටුණු ඔබේ ස්වරූපය ඔබට හසුවුණා ද? සමහරවිට ඒ ඔබේ මොන්ටිසෝරි ළමයාගේ චරිතය වෙන්න ඇති. නැත්නම් සරසවි ශිෂ්‍යයා වෙන්න ඇති. ඒ කවුරුවත් නොවන ඔබ සිතුවේවත් නැති චරිත ලක්ෂණ තියෙන කෙනෙක් වෙන්නත් පුළුවනි.

ඔබ ඇතුළේ ඇත්තටම ජීවත් වෙන්නේ ඔබ දුටු අන්න ඒ චරිතයයි. ඒ පුද්ගලයායි. ඒ පුද්ගලයා කවදාවත් ඔබ වගේ වයසට යන්නේ නැහැ. ඔබ වගේ කාලෙන් කාලෙට වෙනස් වෙන්නෙත් නැහැ. ඔබ ඇත්තටම හුඟක් ම ආදරය කරන්න ඕනේ එයාටයි. ඔබේ ජීවිතය තියෙන්නේ එතනයි

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles