තම සිහින ජය ගැනීමට බිරිද දිරි ගැන්වූ ආදරණිය සැමියෙකු ගේ හා අවසානය තෙක් විවාහය රැක ගැනීමට කැපවූ බිරිදකගේ සැබෑ ආදරය…

අද කාළයේ සිය සහකරුගේ දක්ෂතාවන්ට අතහිත දෙන්නට සිතන්නේ කොපමණ සුළු පිරිසක්ද? තමන්ගේ අභිමතාර්ථ ගැන විනා අනෙකා ගැන සැලකිලලක් නොමැති ලොවට Charlesසහ Anne ගෙන එන්නේ කදිම අදර්ශයකි.

සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත නැතත් ගුවන් සරන්නන්(aviators) අතර ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයන් දෙදෙනෙකි Charles Augustus Lindbergh Jr. සහ Anne Spencer Morrow. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ ආදරණීය විවාහ බැදීමද ලොව බොහෝ දෙනෙ‍කුගේ අවධානය ලබා ගත් ලොව ප්‍රචලිත ආදර අන්දරයකි.

1927 දී Charles මුලින්ම ප්‍රසිද්ධියට පත් වූයේ අත්ලාන්තික් සයුර මතින් නොනවත්වාම ගුවන්යානයක් පියාසර කරවූ ප්‍රථම ගුවන් නියමුවාලෙසයි. එම වසර අග දී ලතින් ඇමරිකාව ඔස්සේ සුහද චාරිකාවක යෙදෙමින් සිටි Charles ගේ ඇසගැටුනේ ලජ්ජාශීලී, සබකෝලයෙන් යුත් පිකරු යුවතියක් වූ Anne ය. ඇය එවකට මෙක්සිකෝවේ සිටි ඇමරිකානු තානාපතිවරයාගේ දියණියයි.

මෙම සබඳතාවට බෙහෙවින් මාධ්‍ය අවධානය යොමුවිය. 1929 දී අතිනත් ගත් ඔවුන් ඇමරිකාවේ පළමුවන celebrity couples වලින් එකකි. ස්වාමියාගෙන් ලැබුනු සහය හා දිරි ගැන්වීම මත තම දක්ෂතා ඔප් නංවා ගත් Anne ඉක්මනින්ම ගුවන්යානා පැදවීමට උගත්තාය. ඇය ඇමරිකාවේ ප්‍රථම බලපත්‍රලාභී කාන්තා glider pilot වරියයි. 1930 දී ඔවුන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් වෙළඳ ගුවන් සමාගම් potential air routes for Los Angeles සිට New York ගුවන් වේග සීමාව බිඳහෙලන විට Anne සත් මස් ගැබිනියකි.

1932 දී ඔවුන්ගේ පළමු බිළිඳු පුතුගේ පැහැර ගැනීම හා ඝාතනය ඔවුන්ට මහත් කම්පනයක්විය.ජනප්‍රිය පුද්ගලයන් දෙදෙනෙකු වූ නිසාම විවාහ දිවිය තුල ඔවුන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගද  විශාල විය. සුළු  සුළු අඬ දබර තිබුණද, මුහුණ දීමට වු සියළු ගැටළු ජයගනිමින් මේ යුවල අවසානය තෙක් ඔවුන්ගේ ආදර කතාව රැකගත්හ . Anne ඇගේ ආදර සැමියාගේ දිරිගැන්ම පිට ඔවුන්ගේ සැබෑ ජීවන අත්දැකීම් වල මතක සටහන් (memoirs) ලියා ප්‍රසිද්දියට පත්කළ අතර පසුව ඇය කෘති 13ක් ද පලකළාය.

රිය පැදවීමද කාන්තාවකට නුසුදුසු යැයි සිතූ දැඩි පුරුෂාදිපත්‍යක් සමාජය වෙලා ගෙන පැවති යුගයක බලපත්‍රලාභී ගුවන් නියමුවරියක් වීමට Anne ට හැකි වූයේ ආදරණීය ස්වාමියාගේ සහය හා දිරි ගැන්වීම තුලනි.  එමෙන්ම බොහෝ ජනප්‍රිය පුද්ගලයන් අතර සිදුවන විවාහ ඉතාමත් කෙටි කලකින් අවසන් වීමත්, එවන් සිදුවීම් ආදර්ශයට ගනිමින් වර්ථමාන  තරුණ පරපුර තුල දික්කසාදය () හා වෙන් වීම () විලාසිතාවක් වි ඇති යුගයක් තුල එකිනෙකාගේ දස්කම් දිරිගන්වමින්  මතුවූ සියළු අභියෝග ජය ගනිමින් සිය පවුල රැකගත් Charles හා Anne යුවල දුන් අදර්ශය අදටත් වලංගු නොවේද?

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles