සති අන්තයේ Dinner එකට රසවත් Menu එකක්.

සති අන්තයට ඔබ හදන රස කෑම කන්න ගෙදර හැමෝම හරිම කැමති ඇති. ඉතින් අද රෑට සරල Menu එකක් තමයි අපි අරන් ආවේ.

අද අපි මැකරෝනි හදමු.

Baked Macaroni & Cheese

අවශ්‍ය දේවල් මෙන්න මේවා..

  • තම්බාගත් මැකරෝනි
  • Fresh milk
  • බටර්
  • පාන් පිටි මේස හැදි 2
  • ලුණු අවශ්‍ය පමණ
  • ගම්මිරිස් කුඩු
  • ගාගත් චෙඩාර් චීස්
  • මිරිස් කුඩු අවශ්‍ය නම්

සාදාගන්නේ මෙහෙමයි.

  • මුලින්ම අවන් එක 400°C උෂ්ණත්වයට රත් කර ගන්න.
  • Fresh milk මඳක් රත් කර ගන්න.
  • භාජනයක මඳ ගින්නේ බටර් දිය කර ගන්න.
  • එයට පිටි එකතු කරමින් මිශ්‍රණයක් සාදා ගන්න.
  • එයට රත් වූ කිරි එකතු කර ගන්න.
  • භාජනයක මඳ ගින්නේබටර් රත් කරන්න. එයට පිටි එක්කර මිශ්‍රණයක් හදා ගන්න.
  • එයට රත් වූ කිරි එකතු කරන්න.
  • විනාඩි පහක් පමණ පිස ගන්න.
  • ලුණු, ගම්මිරිස්, චෙඩාර් චීස් සහ මිරිස් කුඩු ද එකතු කරන්න.
  • ඊට පසු මැකරෝනි එකතු කරන්න.
  • අවන් ට්‍රේ එකකට මේ මැකරෝනි මිශ්‍රණය දමා උඩින් චීස් ඉස ගන්න.
  • 400°C උෂ්ණත්වයේ විනාඩි 20ක් පිස ගන්න.

මැකරෝනි එක හදා ගෙන ඉවරයි.. Fish Salad එකකුත් තිබ්බා නම් හොඳයි නේද?

Fish Salad

අවශ්‍ය වෙන්නේ මේවා…

  • තලපත් මාළු
  • විනාකිරි මේස හැදි 2
  • අබ ක්‍රීම් තේ හැදි 1
  • ලුණු
  • කහ
  • ගොරකා පොඩ්ඩක්
  • කැමති වර්ගයක සෝස්
  • ලූණු
  • අමු මිරිස්
  • තක්කාලි
  • ගම්මිරිස්

මේ විදියට හදා ගමු..

  • මාළු හොඳින් සෝදා එයට ලුණු, කහ, ගොරකා, විනාකිරි හා අබ ක්‍රීම් දමා කලවම් කර මැටි හට්ටියකට දමා එයට වතුර එක් කර හොඳින් තම්බා ගන්න.
  • සිහින්ව කපා ගත් ලූණු, අමු මිරිස්, තක්කාලි භාජනයකට දමා කවලම් කර එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා සෝස් දමන්න.
  • තම්බාගත් මාලු කෑලි වල වතුර පෙරා එක් කරන්න.

ආහාර වේල සම්පූර්ණ වෙන්න Drink එකක් හදා ගමු.

Virgin Mojito

අවශ්‍ය දේවල් තමයි මේ..

  • සිහින්ව කපාගත් මින්චි කොළ
  • කපාගත් ලෙමන් ගෙඩි 2
  • සීනි මේස හැඳි 2
  • ස්ප්‍රයිට් 400ml
  • අයිස් කැට

හදාගන්නේ මෙහෙමයි..

  • මුලින්ම කපාගත් මින්චි කොළ හා ලෙමන් කැබලි ජෝගුවකට දමා ගන්න.
  • සීනි එකතු කරන්න.
  • ලෙමන් හොඳින් පොඩි කර ගන්න.
  • ස්ප්‍රයිට් සහ අයිස් දමා කලවම් කරන්න.

එච්චරයි! හැබැයි හරිම රසවත් Drink එකක් වේවි .

අද ආහාර වේලත් පවුලේ හැමෝගෙම ආදරය දිනා ගන්න සමත් වෙනවා සහතිකයි. ලබන සතියෙත් අපි ආයෙම මුණ ගැහෙමු.

Related Articles

Don't Miss


Latest Articles