පැලුණු දෙපතුල් වලට නිවසේදීම සත්කාර…

තරුණියකගේ සුන්දරත්වය වගේම පිරිසිදුකම මනින සාධකයක් වන්නේ ඇගේ සුන්දර දෙපා. නමුත් අපේ කාර්යබහුල වීම සහ අතපසු කිරීම් නිසා දෙපා පැලීමට ලක් වෙනවා. විවේකි දවසේ නිවසේදී ම අත්හදා බලන්න පුලුවන් සත්කාර කිහිපයක් තමයි මේ..

මවුත් වොෂ් සහ විනාකිරි

අවශ්‍ය ද්‍රව්‍ය මේවායි..

  • මවුත් වොෂ් කෝප්ප 01ක්
  • සුදු විනාකිරි කෝප්ප 02ක්
  • ජලය කෝප්ප 02ක්

සිදු කරන්නේ මෙහෙමයි

  • මේ සියල්ල බේසමකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • දෙපා බේසමට බස්සා විනාඩි 15ක් පමණ සිටින්න.
  • එවිට දෙපතුල හොඳින් පෙඟී මළ සෛල බුරුල් වෙනවා.
  • ඉන් පසුව අතුල්ලන ගලක් හෝ බ්‍රෂ් එකක් ගෙන යටිපතුල අතුල්ලමින් මළ සෛල ඉවත් කර ගන්න.
  • අවසානයේදී පිරිසිදු ජලයෙන් සෝදා ගන්න.
  • දෙපයේ ජලය වේලුනු පසු කෝමාරිකා සහ ආමන්ඩ් අඩංගු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.

බේකින් සෝඩා සත්කාරය

  • මඳ උණුසුම් ජල බේසමකට බේකින් සෝඩා මේස හැඳි 03ක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  • පසුව දෙපා එහි විනාඩි 10ක් පමණ පොඟවා ගන්න.
  • ගලක් ආධාරයෙන් දෙපතුල් ස්ක්‍රබ් කර ගන්න.
  • ඉන්පසු පිරිසිඳු ජලයෙන් දෙපා සෝදා, තුවායකින් පිසදා ගන්න.
  • මෙය සතියට දෙවතාවක් පමණ සිදු කරන්න.

කෝමාරිකා සත්කාරය

  • රාත්‍රී නින්දට පෙර දෙපා මඳ උණුසුම් ජලයේ දමා ස්ක්‍රබ් කර ගන්න.
  • ඉන් පසුව දෙපා වියලාගෙන කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
  • පසුව කොට්න්, සුව පහසු මේස් යුවලක් පැළඳගෙන නින්දට යන්න. උදෑසන මඳ උණුසුම් ජලය භාවිතා කර සෝදා දමන්න

Related Articles

Don't Miss


Latest Articles