සිඟිත්තාට ඝන ආහාර දීමට සුදුසු වයස හඳුනා ගත හැකි ලක්ෂණ.

පුංචි දරුවන් සහ ආහාර කියන්නේ අම්මලාට විවිධාකාර ගැටලු ඇති මාතෘකාවක්. නිවැරදිව මේ දේවල් කිරීම වගේම නොකළ යුත්තේ මොනවාද කියන එක බොහෝ තරුණ මව්වරුන්ට ගැටලුවක්.

ඒ නිසා අපි හිතුවා මේ ගැන ඔබ නිවැරදිව දැනුවත් කරන්න. ඒ සඳහා අපි එක්ක එකතු වෙන්නේ විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන සුධර්මා උයනහේවා මහත්මියයි

බබෙකුට ආහාර අවශ්‍ය කාලය හඳුනා ගන්නේ කොහොමද?

මාස පහෙන් පස්සේ සොබාදහම ඉඟියක් ලබා දෙනවා ඝණ යමක් කටින් අල්ලා ගන්න බබා සූදානම් කියලා. ඒ වගේම ආමාශයික යුෂ ක්‍රියාත්මක වෙන නිසා බබාට කෙළ වැගිරෙන්න පටන් ගන්නවා. එයා අහු වෙන වෙන දේවල් කටේ දාලා හපමින් ආහාර අවශ්‍ය බව කියනවා.
අම්මලා කන දේවල් ඉල්ලනවා. අපි කෑම කනකොට එයත් තලුමරමින් කෑම අවශ්‍ය බව කියනවා. අන්න ඒ කාරණා වලින් අපිට තේරුම් ගන්න පුලුවන් එයාට ආහාර අවශ්‍ය වෙලා තියන බව.

මුලින්ම බබාට දෙන්න හොඳ ආහාරය මොන වගේ දෙයක් ද?

එයා පුරුදු කිරි රහට.මුලින්ම කැකුළු හාල් , හීනටි හාල් වගේ විටමින් බී තන්තු තියන හාලක් අරගෙන බෙරි වෙන්නම උයනවා. ඒක ඉතා පිරිසිදු ලෙස බ්ලෙන්ඩ් කරන්න පුලුවන්. නැත්නම් පෙරන් ගාගන්න හෝ මත් ගාගන්න. ඉස්සර මේ කටයුත්ත කළේ නෑඹිලියක. නමුත් දැන් නෑඹිලිවලත් වැලි එකතු වෙන නිසා පෙරන ගොට්ටක් හෝ කෝප්පයක් යොදා ගන්න පුලුවන්.මේක ඉතාම පවිත්‍රව කරගන්න ඕන.හොඳට Creamy වෙන්න පෙරන් ගාගැනීම අනිවාර්යයෙන් කරන්න.මෙහෙම බත් ටික හොඳින් මත් ගාගෙන එයට දොවාගත්තු කිරි ටිකක් දාන්න. මුලින්ම හැන්දක් දෙන්න. ඊළඟට හැන්දක් දෙකක් දෙන්න.මේක මාස පහෙන් කරන්න පුලුවන්. මුලින්ම එක වේලකින් ආරම්භ කරලා දවසකට වේල් තුනක් දක්වා ක්‍රමයෙන් අරන් එන්න.

මාස හයක් පමණ වෙනකොට ප්‍රමාණය වැඩි කරාට කමක් නැද්ද..

මාස හය පමණ වෙනකොට චූටියට පීරිසි කෝප්ප කාලක් විතර ආහාරයට ගන්න පුලුවන්. ඉන්පස්සේ මේකට රනිල කුලයේ ආහාර එකතු කරන්න. කඩල,කව්පි, පරිප්පු වගේ. හැබැයි අනිවාර්යයෙන් අලුත් වර්ග එකක් පමණක් එක දවසකට එකතු කරන්න. නැත්නම් ආසාත්මිකතා හඳුනා ගන්න බෑ..ක්‍රමයෙන් එළවළු වර්ග එකතු කරන්න පුලුවන්.
බෝංචි, දඹල, කැරට්,අර්තාපල්, බතල වගේ දේවල් එකතු කරන්න. මේක තෙම්පරාදු කරන්නත් පුලුවන්. ලුණු නැති බටර් හෝ පිරිසිදු පොල්තෙල් ගන්න.

අලුත් ආහාර පුරුදු කිරීම තව දුරටත් කරන්නේ කොහොමද..

මාස හයෙන් පස්සේ එයාට විවිධ එළවලු ධාන්‍ය වර්ග ටික ටික මිශ්‍රණයට එකතු කරන්න. ප්‍රමාණත් ඉහළ දමන්න.මාස නවයට පස්සේ බිත්තර දෙන්න පුලුවන්. මුලින්ම සුදු මදය. පස්සෙ කහ මදය ටික ටික දෙන්න.

අවුරුද්දකට පස්සෙ පීරිසි කෝප්පයක් පමණ ආහාර ලබා දෙන්න.

මේ සාකාච්ඡාව ඔබේ මූලික ගැටලු විසඳන්න ඇති. ඊළඟ ලිපියෙන් මව්වරුන් ආහාර ලබා දීමෙදී සැලකිලිමත් විය යුතු කාරණා හෙද තුමියගෙන් අසා දැන ගනිමු.

Related Articles

Don't Miss


Latest Articles