ප්‍රියන්කා චොප්රාගෙන් ස්වාභාවිකව රුව රකින රහසක්

Miss World 2000 කිරුළ දිනාගත් ප්‍රියන්කා චොප්රා ලෝකයම පිළිගත් රංගන ශිල්පිණික්. 33 හැවිරිදි මෙම ඉන්දියානු රූමතිය ඇගේ ස්වාභාවික රූසපුව නිසි ලෙස පවත්වාගැනීම නිසා නිතර ප්‍රශංසාවට ලක්වනවා. පසුගිය දිනෙක ඇය සම්මුඛ සාකච්ඡාවක දී ඇගේ රුවෙහි රහසහෙළිකර තිබුණා.

ඇගේ සොඳුරු රුව පවත්වාගෙන යෑමට තමන් අනුගමනය කරන්නෙ එකම එක නීතියක් බව ප්‍රියන්කා සඳහන්කළා. ඒ සමෙහි සහ කෙස් කළඹෙහි තෙතමනය නිසි‍ ලෙස පවත්වාගෙන යෑමයි. තෙතමනය, තෙතමනය, තෙතමනය! මොනදේ තිබණත් අනිවාර්යයෙන්ම රාත්‍රී නින්දට පෙර ඔබ මුහුණ පරිසිදු කලයුතුමයි, ඇය තවදුරටත් සඳහන් කළා.

ප්‍රියන්කා ඇගේ ලෝ  සිඳු රුව පවත්වාගෙන යෑමේ ප්‍රධානතම රහස ලෙස ඈ සඳහන් කළේ lemon සහ yogurt නිරන්තරයෙන් භාවිතා කිරීමයි. විශේෂයෙන්ම කෙස් කළඹ සඳහා ඇය නිතරම නිවසේදී සකස්කොට භාවිතාකරන hair mask වට්ටෝරුවක්  පිළිබඳව හෙළිදරව් කරන්නත් ඈ අමතක කළේ නැහැ. මෙම mask එක සඳහා yogurt කෝප්ප භාහයක් (තෙතමනය පවත්වාගැනීම සඳහා) සහ lemon යුෂ තේ හැඳි 2ක් (මැරුණු සම ඉවත්කිරීමට) මිශ්‍රකරගන්න. එය කෙස් කබලෙහිද, කෙස් ගස්වල මුලෙහිද කෙස් කළඹෙහිද හොඳින් අලේප කර පැය භාගයක් පමණ තබා සෝදාහැර shampoo යොදන්න.

අවසාන ලෙස ප්‍රියන්කා සඳහන් කළ අවවාදය වූය්, සුසිනිඳු බබළන සමක් සහ කෙස් කළඹක් පවත්වාගෙන යාම තුලින් ආත්ම විශ්වාසය ඉබේම වර්ධනය වන බවයි.

ප්‍රියන්කාගේ සොඳුරු බවේ රහසින්, ඔබටත් ස්වාභාවික පියකරු බව රැකගත හැකිද කියා බලන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles