කියවන්න පොතක් – පෙට් සෙමෙට්‍රි

වෙනස් රසයක පොත් කියවන්න කැමති ඔබට මෑතකදි නිකුත් වූ අලුත් පරිවර්තන කෘතියක් ගැන කියන්න අපි හිතුවා.

“මරණය විතරයි මේ ලෝකේ තියෙන එකම නියත දේ. අනිත් හැමදේම අනිත්‍යයි. හැමදේම දුකක්. අපි සත්‍යයයි කියලා හිතන හැමදෙයකම අවසානය දුකක්. මේ දේ තමයි මිනිස්සු තේරුම් ගන්න අකමැතිම.”

මේ පෙට් සෙමෙට්‍රි, මුල් කෘතිය රචනා කරන්නේ ස්ටීවන් කිංග් විසින්. සිංහල පරිවර්තනය චන්දන ගුණසේකර මහත්මයාගේ. කෘතිය මියුසස් ප්‍රකාශනයක්.

පෙට් සෙමෙට්‍රි ප්‍රමාණයෙන් විශාල පොතක්. අත්භූත සහ භයානක රස අතරමැද පිය සෙනෙහසක සංවේදී කතාවක් ඔබට හමු වෙනවා. පීතෘත්වය මොන තරම් ප්‍රබල ද යන්න නැවත නැවත සිහි කරවන අපූරු කෘතියක් ලෙස පෙට් සෙමෙට්‍රි අවිවාදයකින් තොරව හඳුන්වන්න පුලුවන්.

නවකතා ලෝකයේ Horror King ලෙසින් විරුදාවලි ලැබූ ස්ටීවන් කින්ග් කේරී, ද ශයිනින්ග්, මිසරි, ද අවුට්ස්ටෑන්ඩර්, ඩොක්ටර් ස්ලිප් ආදී ලොවපුරා පිටපත් මිලියන 350කට වඩා අලෙවි වූ නවකතා 60කට අධික ප්‍රමාණයක් ලියූ අයෙක්. ඇමරිකානු ජාතික ගත් කතුවරයෙකු වන ස්ටීවන් කින්ග් තමන් ලියූ නවකතාවකටම තමන්ම බියට පත්ව එය මුද්‍රණය නොකර එහි පිටපත ලාච්චුවකට දමා වසර ගණනාවක් වසා තබා කලෙකට පසුව මුද්‍රණය කර තිබෙනවා. ඒ තමයි Pet Sematary.

ඔබ මේ පරිවර්තනය කියවන්නට පටන් ගන්නේ සාමාන්‍ය පූසෙකුගේ හොල්මන් කතාවක් ගැන කියවන්නට නම් ඇත්තටම හොල්මන් වන්නේ ඔබමයි. පෙට් සෙමෙට්‍රි අවසානය අප කිසිවෙක් කිසිලෙසකින් හෝ බලාපොරොත්තු නොවනා අවසානයක්. ඒ ගැන ලියා නොතබන්නේ ඔබ ඒ රසය විඳ ගත යුතුම නිසායි.

මරණය මොනතරම් අනපේක්ශිත ද මරණය නිසා ඇතිවෙන දුක අපි දරාගන්නෙ කොහොමද වගේම ඒ දුක නැති කරගන්න අපට මොනතරම් අවදානම් දේ කරන්න පුලුවන් ද කියන එක මේ කාලවර්ණ පූසා සමඟ ඔබට ඉගෙන ගන්න පුලුවන්.

වැදගත්ම පාඩම ඒක නෙවෙයි!

අපි හැමෝම ස්වභාවික පද්ධතියකට අයත් අය. මේ පද්ධතියෙන් පිට යන්න අපට බෑ.

අන්න ඒ පාඩම ස්මාර්ට් විදියට සහ ටිකක් බය හිතෙමින් ඉගෙන ගන්න පෙට් සෙමෙට්‍රි කියවලාම බලන්න.

Related Articles

Don't Miss


Latest Articles