එකම විදියට Fashion කරන ඔබට වෙනස් ලුක් එකක් ගේන Fashion Tips යූස් කරලා බලන්න..

විලාසිතා කරන්න කවුද අකමැති. නමුත් එකම විදියට හැම වෙලාවෙම Fashion නොකර පොඩි වෙනසක් කරල වෙනස් ලුක් එකක් ට්‍රයිකරමුද? ඉතින් සුන්දර ලෙස කැපී පෙනෙන්නට, වෙනස් විදියට සිතන්නට, වෙනස් විදියට ඔබව දකින්නට කැමති ඔබටයි මේ Fashion Tips

කළු වර්ණයෙන් ඇඳුම්

කළු? ඔබ මවිත වේවි..ඒත් ඔබ නොදන්නා දෙයක් තමයි කවදාවත් විලාසිතා අතරින් ඉවත්ව නොයන සදාකාලික වර්ණය තමා කළු වර්ණය. ඔබ නිතරම අදින්නෙ ලා පැහැයන් හෝ වර්ණවත් ඇදුම් නම් රාත්‍රී සාදයක් සදහා එක් වරක් කළු වර්ණය අත් හදා බලන්න.ඔබ මවිත කරන තරම් ධනාත්මක ප්‍රතිචාර ලැබේවි.නැතිනම් අඳින්න වර්ණයක් සොයා ගැනීමට නොහැකි වූ විට මේ වර්ණය තෝරාගන්නත් ඔබට පුලුවන්.එය පුංචි වෙනසක් වේවි.ඒ වගේම ඔබ මහත කෙනෙක් නම් තරමක කෙට්ටුවට පෙන්වීමටත් කළු වර්ණය සමත්. ඉතින් Fashionable විදියට අදින්න කැමති ඔබ කළු වර්ණයත් අමතක කරන්න එපා.

ගැළපෙන්නේ මොනවද ?

ඇඳුම් වල මිළ නෙවෙයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඇඳුම්, ආභරණ, පාවහන්, අත් බෑග් මේ සියල්ලම එකට ගැළපෙනවාද යන්නයි.දහස් ගණනක් මුදල් වියදම් කර ගන්නා අත් බෑග්, ලාබ ටොප් එකක් එක්කත් ඇන්දත් වඩාත් සැළකිලිමත් විය යුත්තේ එහි ගැළපෙන,නොගැළපෙන බවයි.ඒ නිසා මුදල් වියදම් කර මිලදී ගැනීමට පෙර ඔබ යාමට සූදානම් වන අවස්ථාවට ගැළපෙන ඇදුම් හා විලාසිතා ගැන පූර්ණ අවබෝධයක් අරන් ඒ අනුව ගැළපෙන දේවල් මිලදී ගන්න.සියල්ල මිලදී ගෙන ගැලපීමට යාමෙන් ඔබට සිදුවන්නේ ගත්තු නිසා අඳින්න විතරයි. විශාල මුදලක් වැය කරලත් හැඩගැන්වීමෙන් පසු ඔබේ ලුක් එක ඔබව සතුටු නොකලොත් ඔබේ මුදලත් අපරාදේ.

අත් බෑගය ගැන විමසිලිමත් වන්න

වටිනා අත් බෑගයකට ඔබේ වටිනාකම,පෙනුමේ වටිනාකම ඉහළ දමන්නට පුළුවන්. ඒ වගේම මිල අඩු වුනත් වෙනස් පෙනුමක් සහිත සරල කපු බෑගය පවා ඔබේ වටිනාකම ඉහල දමනවා. වඩාත් වැදගත් වෙන්නේ එය ඔබ ගලපා ගන්නා ආකාරය මතයි. අලුත්ම දේවල් අත් හදා බලන්න.සියල්ල මිල අධික වීමට වඩා වැදගත් වන්නේ අවශ්‍ය විදියට ගලපා ගැනීමයි.

Mixing

බැගී ෂර්ට් එකක් සමග ඩෙනිමක් ? මෙහෙම ඇඳලා තියෙනවද ? ටී ෂර්ට් එකට උඩින් බැගී කමිසයක් සහ ඩෙනිමක්. මේ වගේ ඒවා මික්ස් කරලා බලන්න. නොගැළපෙන වර්ණ වලින් යුත් දේවල් ද මිශ්‍ර කර බලන්න. ඔබට වෙනස් ලුක් එකක් ගන්න ඕන වුනාම බය නැතුව ට්‍රයි කරල බලන්න .. ඒකාකාරී ලුක් එකෙන් ඔබ මිදේවි.හැබයි තැනට ගැලපෙන විදියට වගේම ඔබේ සිරුරට ගැලපෙන දේවල් වීමත් අත්‍යාවශ්‍යයි..

අසම්පුර්ණ බවක් දැනෙනවද ?

සමහර විට කොතරම් ලස්සනට, පිළිවෙලට ඇන්දත් අසම්පුර්ණ බවක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මාලයකින්,අත් ඔරලෝසුවකින්, පාවහන් යුවලකින් නැත්නම් අලංකාර තොප්පියකට හෝ කොණ්ඩා විලාසිතාවකට පුළුවන් වේවි ඔබේ ඒ අසම්පුර්ණ බව මග හරවන්න.

අඩුවෙන් දේවල් පාවිච්චියට ගන්න.

ඕනාවට වඩා දේවල් එල්ල ගත්තමත් කැතයි. සරල වුණු තරමට ඔබව කැපී පෙනෙනවා වැඩියි වගේම එය ඔබේ ගුණාංගයක් ලෙසටත් එකතු වෙනවා. ඒ නිසා වැඩිපුර නොව ගාණට Makeup ඇතුළු සියලුම විලාසිතා ඔබට විශේෂිත පෙනුමක් ලබා දේවි.

Related Articles

Don't Miss


Latest Articles