නිවසේ මැස්සන් අඩු කර ගත හැකි ක්‍රම..

මැස්සන් කියන්නේ මේ දවස් වල ගෘහනියන් මුහුණ දෙන ලොකුම ගැටලුවක්.ඇත්තටම මැස්සන් කියන්නෙ හරිම කරදරයක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් රසායනික ද්‍රව්‍ය ඉසීම මගින් මැස්සන් පාලනය සෞඛ්‍යමත් නැහැ වගේම ප්‍රායෝගිකව විවිධ ගැටලු ඇති කරනවා. උදාහරණයක් ලෙස පුංචි දරුවන් ඉන්න ගෙවල් වල රසායනික ද්‍රව්‍ය භාවිතය ගැටලු සහගතයි.ඉතින් මෙන්න මේ ක්‍රම අනුගමනය කළොත් ඇත්තටම මැසි උවදුර යම්තාක් දුරකට පාලනය කර ගන්නට පුළුවන්.නමුත් මේ ක්‍රම සියල්ල ඔබට ගැළපෙන්නේ නැති වේවි.ප්‍රායෝගිකව එකිනෙකාට සාර්ථක වන ක්‍රම වෙනස්.

වැදගත්ම දේ නිවසේ පිරිසිදු කමයි. ඒ වගේම ඔබේ නිවස කොයිතරම් පිරිසිදු කළත් සමහර දේශගුණික සාධක අනුව වගේම පාරසරික සාධක අනුවත් මැස්සන්ගේ කරදරය අඩු වැඩිවෙනවා. ඇත්තටම කියුවොත් ඔබේ නිවස කොයිතරම් පිරිසිදු කර ගත්තත් ඔබේ ගෙවල් ලග අපිරිසිදු කුණු ගොඩක් ,කාණුවක් පවතිනවා නම් එවැනි ප්‍රායෝගික ගැටලු වලට මේ විසඳුම් වලට පරිබාහිරව වෙනත් විසඳුම් හොයා ගන්න වේවී…

මැස්සන් ගෙදර ට එන්නෙ කුණු නිසා.

  • ඉතින් නිවසේ කුණු ආවරණය කිරීම, දිනපතා කුණු ඉවත් කිරීම ඉතාම වැදගත්.
  • ඒ වගේම නිවසේ කුණු එකතු කෙරෙන භාජන නිසි පරිදි වසා තැබීම අනිවාර්යයෙන් කරන්න.
  • නිවසේ අනවශ්‍ය කසල හැමතැනම විසිරී නොතැබීම ඉතාම වැදගත් කරුණක්.ඇත්තටම මැස්සන් විවෘත කසල ගොඩක් තියන තැන්වලට පැමිණීම අනිවාර්යයෙන් වෙන දෙයක්.
  • ඒ වගේම කසළ එකතු කෙරෙන භාජන විශබීජ නාශකයක් භාවිතා කරල දිනපතා පිරිසිදු කිරීමත් කළ යුතුම දෙයක්.
  • මීට අමතරව විශබීජ නාශකයක් යොදා නිවස පිරිසිදු කිරීමත් කරන්න පුලුවන් නම් සාර්ථක ප්‍රතිඵල ලැබේවි.

මේ සියල්ල කළත් විසඳුමක් නැතිනම්?

එහෙනම් නිවසේදී අත් හදා බැලිය හැකි විසඳුම් කිහිපයක් අපි හඳුන්වා දෙනවා.

  • කොහොඹ කොළ දුම ඇල්ලීම
  • ගම්මිරිස් දියර ඉසීම හෝ කුඩු උනුවතුරේ දියකර ස්ප්‍රේ කිරීම.
  • පැගිරි තෙල් ඉසීම හෝ පහනක් දැල්වීම.
  • කෝමාරිකා පත්‍රයකට වොඩ්කා දමන්න.එම සාරය කපු රෙද්දකට ගෙන නිවසේ තැනින් තැන තබන්න
  • කරාබු නැටි ගැසූ ලෙමන් නිවසේ තැනින් තැන මෙන්ම කෑම මේසය මත තබන්න.
  • දිලිසෙන දේ එල්ලා තැබීම -වතුර බෑග් ආදිය,පරන සීඩී තැටි,සැමන් ටින් තහඩු
  • මැස්සන් විකර්ශක පැලෑටි -දාස් පෙතියා,මින්ට්,ලැවෙන්ඩර්
  • බෝතල් උගුලක්
  • පුනීලයක් ලෙස බෝතලේ කට කපා ඇතුලට හරවන්න.මැස්සන් වසන ආහාරයක් බෝතලයට දමන්න

ඉතින් ඔබේ නිවසට ගැළපෙන ක්‍රමයක් මේ අතරින් තෝරා ගන්න.නමුත් වඩාත්ම වැදගත් කාරණය නිවසේ පිරිසිදු කම රැක ගැනීම හා කැලි කසල නිවැරැදි ව බැහැර කිරීමයි.

Related Articles

Don't Miss


Latest Articles