Tattoo එකක් කරන්න කලින් මේ දේවල් දැනගන්න.

මෑතක් වන තුරුම සමාජයේ Tattoo ගැන තිබුණේ යහපත් අදහසක් නෙවෙයි. එහෙත් මේ වන විට තත්ත්වය වඩාත් යහපත් අතට හැරී තිබෙනවා. අතීතයේ Tattoo එකක් සහිත පුද්ගලයන් ගැන විවිධ විනිශ්චයන් සමාජය තුළ තිබුණත් වර්තමානයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව Tattoo කරන්න පෙළඹෙන බවක් පෙනෙන්නේ එහි කලාත්මක ගුණය ගැන බොහෝ දෙනෙක් තුළ ඇති කැමැත්ත නිසාමයි. වර්තමානයේ Tattoo යනු පුළුල් ලෙස පැතිරුණු කලාවක්. ඉතින් ඔබේ සිහිනය යථාර්ථයක් කරගැනීමට හොඳ ම කාලයයි මේ.
නමුත් Tattoo එකක් කරන්න පෙර ඔබ සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියනවා.මේ ලිපිය ඒ ගැනයි.

ටැටූවලට විවිධ අර්ථ තිබෙන්නාක් මෙන්ම ටැටූ කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයි.

ටැටූ එකක් යනු කුමක්ද?

සමෙහි ස්ථරයක ඉඳිකටුවලින් සිදුරු කරමින් සුවිශේෂී වූ වර්ණක වර්ගයක් පුරවමින් සිදු කරනු ලබන කාය කලා නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. මෙය සමහරු අර්ථයක් සහිතව කරනු ලබන අතර සමහරු හුදෙක් අලංකාරය පිණිස පමණක් ම කරනු ලබනවා. මේ වන විට කලු පාට මෙන්ම විවිධ වර්ණවල ටැටූ ද දක්නට ලැබෙනවා.

අතීතයේදී සමෙහි ස්ථර 5ක් 6ක් දක්වා මෙය සිදු කළත් මේ වන විට දියුණු වූ තාක්ෂණය සමඟ සමෙහි ස්ථර 2කින් පමණ ටැටූ නිර්මාණ සිදු කරනු ලබනවා. දක්ෂ ටැටූ නිර්මාණ ශිල්පියෙක්ට ඔබේ සිරුරෙන් නිකුත්වන තරලය ම යොදාගෙන shadings දමන්නට පුළුවන්.

මේ දිනවල ජනප්‍රිය ටැටූ

Couple Tatto

සහකරුවා සහ සහකාරිය එකම ටැටූ එක හෝ එකකට එකක් ගැළපෙන සේ ටැටූ කිරීම මේ වන විට ජනප්‍රියයි. බොහෝ විට මේ සඳහා අත යොදාගන්නවා.

Mandala Tatto

Mandala යනු චක්‍ර යන අරුතින් යුක්තයි. මෙය ඉතා අර්ථාන්විත එකක්. මේවා වෘත්ත සහ විවිධ හැඩ යොදාගනිමින් නිර්මාණය කරනු ලබනවා. එකිනෙකට අනන්‍ය වූ නිර්මාණ සහිත මෙම ටැටූ පරිපූර්ණත්වය, සමබරතාව, සදාකාලිකත්වය නිරූපණය කරනවා.

Planet Tattos

විශ්වය හා සම්බන්ධ අර්ථ සහිතව ටැටූ කිරීමත් මේ දිනවල ඉතා ම ජනප්‍රිය ටැටූ අංගයක්. මේවාත් ඉතා නිර්මාණාත්මකයි.

මේ කාලෙ ජනප්‍රියම ටැටූ ගැන දැන ගත්තු ඔබ ඊට පස්සෙ සැලකිලිමත් වෙන්න ඕන ටැටූ එකක් කරන්න පෙර පිලිපැදිය යුතු කරුණු ගැනයි.

Tattoo එකක් කිරීමට පෙර දැනගතයුතු දේ.

  • පළපුරුදු, විශ්වාසනීය නිර්මාණ ශිල්පියෙක් තෝරා ගත යුතු වෙනවා.මෙය ඉතා සියුම් නිර්මාණ ශිල්පයක්.නිර්මාණයේ සාර්ථකත්වය කෙරේ පළපුරුද්ද ඉතා වැදගත් වෙනවා.
  • භාවිතා කරන උපකරණ හා වර්ණක පිළිබඳ නිසි අවබෝධයක් ලැබීම වැදගත්. උසස් ප්‍රමිතියකින් යුතු උපකරණ හා වර්ණක යොදාගන්නවාද යන්නත්, අලුත් ඉඳිකටු භාවිත කරනවාද යන්නත් දැනගැනීම ඔබේ අයිතියක්. මන්ද යත් එය ඔබේ සෞඛ්‍යාරක්ෂිත බව සඳහා ඉතාම වැදගත්.
  • හිසට ආසන්න ස්ථානවල වේදනාව තරමක් වැඩි බවයි පැවසෙන්නේ. එනම් පාද හා ඒ ආශ්‍රිත ස්ථානයකට වඩා බෙල්ල ආශ්‍රිත ස්ථානයක ටැටූ එකක් කිරීම වේදනා සහිත විය හැකියි.
  • තරුණ කාලයේදී එනම් වයස 22 – 27 වැනි වයසකදී Tattoo කිරීම බොහෝ සාර්ථකත්වයක් උසුලනවා. මේ වයසේදී සම නිරෝගී සහ ඉහළ තෙතමනයක් සහිත වීම ඊට හේතුවයි. වයස්ගත වීමත් සමග සම වියළීමට ලක් වන නිසා එහි සාර්ථකත්වය තරමක් අඩුයි.
  • Tattoo කිරීමේදී වේදනාව සමනය කරන්නට වේදනානාශක දියර, පෙති සහ ජෙල් වර්ග යොදාගන්නට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. එහෙත් එය ඉතා සැලකිලිමත් ව සිදු කළයුතු දෙයක්. විවරව පවතින සම මත ආලේපන යෙදීම මගින් ඔබට අසාත්මිකතා ඇතිවිය හැකී. Tattoo එකක් කිරීම චිකිත්සාවක් වැනියි. කිසිම වේදනානාශකයක් භාවිත නොකර , එමගින් ඇතිවන වේදනාව ඉවසීමෙන් විඳගැනීම මනසට සුවයක් බව ටැටූ විශාරදයින්ගේ අදහසයි.
  • Tattoo එකක් කරන අතර තුර වේදනාව සමනය කිරීමට ඇල්කොහොල් භාවිතය තවත් සමහරු සිදු කරනවා. එහෙත් එයත් එතරම් සුදුසු වන්නේ නෑ. හදිසියේ ශරීරයේ ඇල්කොහොල් මට්ටම පහළ බසිනාවිට ඔබට සිහි මුර්ජා වීමට වුවත් පුළුවන්. ඒ නිසා වඩාත් ම සුදුසු වන්නේ ප්‍රකෘති සිහියෙන් සිටීමයි.

Tattoo එකක් කිරීමට පෙර

Tattoo එකක් කිරීමට මාසයකට පෙර සිට සිරුරේ අදාළ ස්ථානයේ රෝම ඉවත් කර ගතයුතු වනවා.

  • ඉන්පසු පුරා මාසයක් මොයිස්චරයිසර් ලෝෂන් එකක් හොඳින් ආලේප කරමින් massage roller එකක් මගින් සම massage කළ යුතු වනවා. එවිට මාසයකට පසු එම ස්ථානයේ සම හොඳින් පිරිසිදු වී තෙතමනය සහිත එකක් වී තිබෙනවා.
  • සතියකට පමණවත් පෙර සිට කිරි, බිත්තර, මස් වැනි කැලරි බහුල ආහාර ලබාගත යුතුයි.
  • පෙර දිනයේ පැය අටකවත් සුව නින්දක් ලැබීම නිර්දේශිතයි.
  • Tattoo එක කරන අතරතුරදී භාවිත කරන්නට කෘත්‍රිම කැලරි හෝ තරමක් සීනි වැඩි ආහාර කිහිපයක් ළඟ තබා ගැනීම සුදුසුයි.

මේ සියල්ල දැන ගත් ඔබට පුලුවන් ඔබට ගැළපෙන Tattoo එකක් නිවැරැදි ව තෝරා ගෙන සෞඛ්‍යාරක්ෂිතව එය සම මත නිර්මාණය කර

ඇත්තටම Tattoo කලාවේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට දිව යන්නක්. මමීකරණයට ලක් වූ සිරුරුවල Tattoo දකින්නට පුළුවන්. 2015 වන විට පැරැණිතම ටැටූවක් සහිත මමිය ලෙස සැලකුවේ ඔට්සි (Otzi)ගේ සිරුරයි. මෙය ක්‍රිස්තු පූර්ව 3250 දක්වා දිව යනවා. මෙම සිරුරේ ටැටු 61ක් දක්නට ලැබෙනවා.

ඉතින් ඔබට වැටහෙනවා ඇති Tattoo කියන්නේ ලොව පුරා වර්තමානයේ පමණක් නොව අතීතයේ පවා පිළිගත් ජනප්‍රියව පැවති කලාවක් බව.
දැන් ඔබට පුලුවන් අර්ථවත් Tattoo එකක් ඔබ කැමතිම ආකාරයට සෞබ්‍යාරක්ෂිතව ඔබේ සම මත නිර්මාණය කර ගන්න.

Related Articles

Don't Miss


Latest Articles