හවස තේ බොන්න Spring Rolls හදමු..

හවස තේ බොන්න වෙනස් විදියේ Snack එකක් හදන්න කැමති ඔබට තමයි මේ රෙසිපිය. අද අපි ස්ප්‍රින්ග් රෝල්ස් හදලා බලමු.

අවශ්‍ය දේවල් මේවා..

  • පාන් පිටි කෝප්ප 1
  • කෝන්ෆ්ලවර් මේස හැදි 3 (ඉරිඟු පිටි)
  • ලුණු කුඩු තේ හැදි 1/2
  • තෙල් මේස හැදි 2
  • මඳ උණුසුම් ජලය
  • තෙල් සහ පිටි

සාදාගන්නේ මෙහෙමයි..

  • මුලින්ම පිටි ටිකට කෝන්ෆ්ලවර් සහ ලුනු කුඩු දමා එක පාරක් පෙනේරයකින් හලාගන්න.
  • එයට තෙල් මේස හැදි දෙකක් එක් කර අනාගන්න ගමන් උණු වතුර ටික ටික දාගෙන අතේ නොඇලෙන තරමට පිටි මෝලිය (පිටි ගුලියක්) අනාගෙන විනාඩි 30-40 වගේ වහල තියන්න.
  • පිටි මෝලියෙන් ටික ටික වෙන් කරගෙන පොඩි පොඩි ගුලි හදාගන්න.
  • දෙහි ගෙඩියක ප්‍රමාණයේ ගුලි හදාගන්න.
  • රෝලින් පින් එකක් ආධාරයෙන් ඒවා තුනී කරගන්න.
  • තුනී කරගත් රොටී උඩ පැත්තේ තෙල් ටිකක් ගාලා ඊට උඩින් ඇගිලි තුඩු වලට පිටි ඉහගන්න.
  • ඊට පස්සෙ රොටී දෙක දෙක එකට තබා ගන්න
  • ඉටිකොලයක් ගෙන දෙකට නමා ඒ අතරට එකට එක තියා හදාගත් රොටී දෙකක් තබා රෝලින් පින් එකකින් ආයෙමත් රොටී දෙකම තනි රොටියක් වගේ වෙන්න තුනී කරගන්න.
  • මෙහෙම තුනී කරගනිද්දි නම් මේ එකට ඇලුණු මේ රොටී දෙක තුනී වෙලා විශාල වෙනවා.
  • ඉන්පසු ඉටිකොලය අතරේ ඉතුරු රොටී ටිකත් තියලා තුනී කරගන්න.
  • පෑන් එකක් අඩු ගින්දරේ ලිප තබා එය රත් වන්නට තබන්න.
  • පෑන් එක ගොඩාක්ම අඩු ගින්දරේ තියාගන්න. රොටියේ එක පැත්තක් තත්පර 10ක් වගේ පුළුස්සා ගන්න.
  • ඉන්පසු නිමෙන්න හරින්න.
  • ඉන්පසු එකට අලවා ගත් රොටී වෙන වෙනම ගලවා ගන්න.
  • “ස්ප්‍රින් රෝල් ශීට්” කියලා හඳුන්වන්නේ මේවා.
  • මේ ශීට් උඩින් කැමති පිරවුමක් තබා ශීට් එක නමා රෝල්ස් ආකාරයට හදා ගන්න.

දැන් ස්ප්‍රින්ග් රෝල්ස් ගෙදර අයට රස විඳින්න පුලුවන්!

Related Articles

Don't Miss


Latest Articles