කළබලයක් නැතිව, විවේකයක් ගන්න ගමන් ගෙදර වැඩ ටික කරමුද?

ගෙදර අස්කරගන්න වත් වෙලාවක් නෑ අනේ. උදේ ඉදන් පුන්චි විවේකයක්වත් ගන්න බැරි උණා… මේ නිතර ඇසෙන මැසිවිල්ලක්. මැසිවිලි කියන එක නවත්තලා හිතමුද smart විදිහට? පුන්චි විවේකයක්වත් ගන්නෙ නැතිව දවසම ගෙදර වැඩත් එක්ක ඔට්ටු අල්ලන ඔබට, කලඔලයක් නැතිව ගෙදර වැඩටික කර ගන්න පුඵවන් smart අදහසක් හදුන්වා දෙන්න අපි හිතුව.. ගෙදර කරන්න කියන වැඩ ටික ලයිස්තු ගත කර ගෙන කාල සටහනකට අනුව බෙදා ගන්න… කාලය ඉතිරි කරගන්න කාලසටහනක් තියෙන එක හොඳයිනේ. බලන්න මේ කාලසටහන ඔබට කෙතරම් ප්‍රයෝජනවත් වේවිද කියල.

  1. සඳුදා – නිදන කාමරය
  • ඇඳරෙදි මාරුකරන්න
  • දූලි ගසන්න
  • අතුගාන්න
  • හෝදන්න- ඇඳරෙදි
  1. අඟහරුවාදා – නාන කාමරය
  • වැසිකිළිය පිරිසිදුකරන්න
  • කණ්ණාඩිය සහ සින්ක්එක පිරිසිදු කරන්න
  • තුවා මාරුකරන්න
  • හෝදන්න- තුවා
  1. බදාදා -මුළුතැන්ගෙය
  • ශීතකරණය අස්කරන්න
  • අවශ්‍ය උපකරණ අදාළ තැන් වලින් තබන්න
  • අතුගාන්න
  • හෝදන්න- ලා පාට ඇඳුම්
  1. බ්‍රහස්පතින්දා – සාලය සහ කෑම කාමරය
  • දූලි ගසන්න
  • අතුගාන්න
  • කුෂන් කවර ආදිය මාරුකරන්න
  • හෝදන්න- තද පාට ඇඳුම්
  1. සිකුරාදා – මූලික ස්ථාන/ කොරිඩෝ ආදිය
  • මොප්කරන්න
  • ජනෙල් පිසදමන්න
  1. සෙනසුරාදා – නිවසින් පිටත/වටපිටාව
  • කසල බඳුන් ඉවත්කරන්න
  • කාණු සුද්ද කරන්න

මේ කාලසටහන හරියට පිළිපැද්දොත් ඉරිදා දවස ඔබට ඉතිරියි!

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles