ඔබේ සුන්දරත්වය වැඩි කර පෙන්වන Tube Top විලාසිතා

ටියුබ් ටොප් උරහිස් නැති, අත් නැති ටොප් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. එය පියයුරු වලට වඩා තදින් බැඳී ඇති අතර සාමාන්‍යයෙන් එය වැටීමෙන් වලක්වා ගැනීමට සඳහා එහි ඉහළ සහ පහළ ඉලාස්ටික් පටි භාවිතා කරනවා. ටියුබ් ටොප් විලාසිතාව ඇරඹෙන්නේ 1950 දශකයේ තරුණ ගැහැණු ළමයින් සැරසුණු Bikini සහ Summer Dress එකකින්. එය 1970 දශකයේ දී වඩාත් ජනප්‍රිය වූ අතර 1990 සහ 2000 දශකවල ජනප්‍රිය ඇඳුමක් ලෙස විලාසිතා ලෝකයේ ඉහළ තැනක ඉන්නවා.

Tube Tops ගැළපෙන්නේ මොන වගේ තැන්වලට ද?

රාත්‍රී සාදවලට වගේම උණුසුම් කාලයේ ඕනෑම අවස්ථාවකට ගැළපෙන විලාසිතාවක් ලෙස ටියුබ් ටොප් හොඳින් ගැළපෙනවා.

Tube Top සමඟ විලාසිතා ගළපන්නේ කොහොමද?

Leather Top + Linen Pants + Leather Trench + Heels

මේ ඉතා අගනා විලාසිතා එකතුවක්. රාත්‍රී සාදයකට ඔබට ඉතා වෙනස් ලස්සනක් රැගෙන එන්න මේ එකතුවට පුලුවන්.

ඒ වගේම,

සුදු පැහැ හෝ ලා පැහැති ටියුබ් ටොප් එකකට ප්‍රින්ටඩ් කලිසමක් හෝ ලෙගින් එකක් ගැළපෙනවා. උඩින් ලෙදර් ජැකට් එකක් දැමීම ඔබේ පෙනුම තවත් ලස්සන කරන්න සමත් වේවි.

  • කෙටි සායකට හෝ Maxi Skirt එකකටත් ටියුබ් ටොප් මනාව ගැළපෙනවා.
  • Wide leg pant සඳහාත් ටියුබ් ටොප් විලාසිතාව ගැළපෙනවා.

Maxi Dress, Romper සහ jump suit විලාසිතා ද ටියුබ් ටොප් විලාසිතාවට අනුකූලව සැකසෙන අවස්ථා තිබෙනවා. ඒවාද අවස්ථානෝචිතව ගළපා ගන්න ඔබට පුලුවන්.

Tube Top විලාසිතාවට ගැළපෙන ආභරණ.

කුඩා කරාබු යුවළක් සමඟ තරමක් විශාල මාලයක් තමයි මේ විලාසිතාවට හරියටම කැපෙන ආභරණ වෙන්නේ.

ඒ වගේම ඔබ Maxi Dress එකක් අඳිනවා නම් ෂෝල් එකක් භාවිතා කිරීමත් අපූරු දෙයක්.

ගැළපෙන පාවහන් මොනවාද?

  • කෙටි සායක් සමඟ ටියුබ් ටොප් එකක් අඳිනවා නම් තරමක ප්‍රමාණයේ හීල්ස් පළඳින්න.
  • ඔබේ තෝරා ගැනීම pants හෝ ලෙගින්ස් නම් sandals හෝ converse shoes ගැළපෙනවා.
  • ලෙදර් ජැකට් එකක් ඇන්දොත් ලෙදර් පාවහන් පැළඳීමෙන් ඔබට හොඳ පෙනුමක් ලබා ගන්න පුලුවන්.

අත්බෑගය මේ විදියට තෝරා ගන්න.

කුඩා පර්ස් එකක් හෝ අතේ එල්ලා ගන්නා කුඩා බෑගයක් මේ විලාසිතා වලට වඩා සුදුසුයි.
ඔබ ලෙදර් ජැකට් එකක් පාවිච්චි කරනවා නම් ලෙදර් බෑගයක්ම තෝරා ගන්න.

මේකප් සහ හෙයාර් ස්ටයිල් එක..

සරල මේකප් එකක් දාන්න. ඒ වගේම පහත රූපසටහන් වල පරිදි ඉතා සරල හෙයා ස්ටයිල් තමයි මේ විලාසිතාවට හරියටම හරියන්නේ.

අමතක කරන්නම එපා!

  • මේ විලාසිතාව කරද්දී Strapless Bra එකක් ඇඳීම අනිවාර්යයෙන් මතක තියා ගන්න. ඔබ උඩින් ජැකට් එකක් ඇන්දත් ෂෝල් එකක් දැම්මත් සාමාන්‍ය බ්‍රා එකක් අඳින්න එපා. මේ වර්ගයට ගැළපෙන්නේ Strapless Bra පමණයි.
  • ඔබ තරමක් මහත නම් මේ ටොප් එක එක්ක ජැකට් එකක් අඳින්න. කෙටි සායකට වඩා ඔබට ගැළපෙන්නේ Trouser එකක් සමඟ ටියුබ් ටොප් එකක්.

විලාසිතා ලෝකයේ බොහෝ දේවල් තිබෙනවා. ටියුබ් ටොප් කියන්නෙත් ඒ අතර අපූරු විලාසිතාවක්. මේ හැම ඡායාරූපයකින්ම ඔබට ටියුබ් ටොප් එකක් තෝරා ගැනීම ගැන නිවැරදි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙන්න ඇති.

ලස්සනට ඉන්න,අලුත් විලාසිතා කරන්න සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles