හිතුමතේ Green Tea බිව්වොත් මොකද වෙන්නේ?

පැරණි චීන කියමනක් තිබෙනවා.සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබට සොයා ගත හැකි වඩාත්ම සෞඛ්‍යමත් පානය ග්‍රීන් ටී බව.ඉතින් එය සනාථ කරමින් ලොව පුරා වේගයෙන් ග්‍රීන් ටී ප්‍රචලිත වෙමින් පවතිනවා.ග්‍රීන් ටී නිෂ්පාදනය කිරීමේ පළමු ගෞරවය චීනයට හිමිවන නමුත් අද ලොව පුරා බොහෝ රටවල් ග්‍රීන් ටී නිෂ්පාදනයේ නියැලෙනවා.ඒ ඒ සඳහා පවතින අධික ඉල්ලුම නිසයි.
සුන්දර සිරුරක් හිමිකර ගැනීමට හැමෝම කැමතියි.ඉතින් ඒ සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් ගේ අරමුණ ග්‍රීන් ටී භාවිතා කිරීමෙන් සිරුරේ නිරෝගී බවට අමතරව බර අවම කර ගැනීමයි.

ග්‍රීන් ටී නිපදවන්නේ අප කවුරුත් දන්නා camellia sinensis ශාකයෙන්.එනම් තේ ගසින්.අනෙකුත් තේ කොළ නිපදවීමට පරිබාහිර ක්‍රියාවලියක් ඔස්සේ ග්‍රීන් ටී නිපදවනු ලබනවා.

අපි මුලින් හොයල බලමු ග්‍රීන් ටී ග්‍රෑම් සීයක තිබෙන පෝෂණ ගුණය කොහොමද කියලා.

(Nutritional value per 100g)

Energy  4kj
Carbohydrates 0gFat  0g
Protein 0.2g
Vitamins
ThaiamineB1  1%
Riboflavin B2 5%
Niacin B3  0.03mg
Vitamin B 6 0.05mg
Vitamin C 0.3mg
Minerals
Calcium 0
Iron   0.02mg
Magnesium 1mg
Manganese 1mg
Potassium 8mg
Sodium 1mg

Green Tea භාවිතා කරන ඔබ මෙන්න මේ කරුණු ගැන අනිවාර්යයෙන්ම දැනගෙන සිටින්නට වෙනවා.

  • ඔබ ග්‍රීන් ටී පානය කරන්නේ ශරීර බර අඩු කර ගැනීම සඳහා නම් ආහාර ගන්නා විටම එය පානය කිරීමට අමතක කරන්න එපා.
  • ග්‍රීන් ටී වල අවශ්‍ය නිසි ගුණ ලබා ගැනීමට නම් එය කුඩු කිරීමෙන් තොරව ,ඒ වගේම tea bags ලෙස නොව කොල ලෙස භාවිතයට ගත යුතුයි.

ග්‍රීන් ටී වල ගුණ

  • ග්‍රීන් ටී සාම්ප්‍රදායික චීන ඖෂධයක් විදියට භාවිතා කරනවා.හිසරදය,විවිධ තුවාල සුව කිරිම ආදියට එය බෙහෙවින් යොදා ගෙන තිබෙනවා.
  • අප ශරීරයට ගන්නා ආහාර වර්ග ශරීරයට වඩා වඩා හිතකර තත්ත්වයෙන් අවශෝෂණය කර ගැනීම සඳහා ග්‍රීන් ටී මනා පිටිවහලක් වනවා.
  • අමතර මේදය දහනය කිරීමේ සිට කුඩා නමුත් කාර්යක්ශම දායකත්වයක් ශරීරයේ බර අඩු කිරීම සම්බන්ධව ග්‍රීන් ටී විසින් ඉටුකරනවා.Catechin සහ Caffeine සංයෝග ඒ සඳහා මනා ඒ සඳහා මනා දායකත්වයක් සපයනවා.නමුත් ග්‍රීන් ටී පමණක් පානය කිරීමෙන් ඔබේ ශරීරයේ බර අඩු වෙන්නේ නැහැ .ආහාර පාලනය වගේම නිසි ව්‍යායාම අවශ්‍යම වෙනවා.
  • ඒ වගේ ම පෝෂණ සටහන බැලුවිට ඔබට මනාව අවබෝධ වන දෙයක් තමයි ග්‍රීන් ටී කාබෝහයිඩ්‍රේට් මේදය වැනි ශරීරය මහත් කරන සංඝටක වලින් තොර බව ත් විටමින් වර්ග වලින් ඉතාමත් පොහොසත් බවත්.
  • ඒ වගේම ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීමේ ඇති තවත් වාසියක් වන්නේ වැඩිපුර කාලයක් ව්‍යායාම කිරීමෙන් කිරීමේ හැකියාව ලැබීමයි.

ශරීරයේ කොලෙස්ටෙරෝල් මට්ටම අවම කිරීම,දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීම,පිළිකා වැලැක්වීමේ ගුණයෙන් යුතුවීම,Alzheimer වැනි රෝගී තත්වයන් හටගැනීමේ අවදානම අඩු කිරීම ග්‍රීන් ටී මගින් සිදු වෙනවා.

ග්‍රීන් ටී පාවිච්චි නොකළ යුතු හේතු

  • උදෑසන අවදි වූ විට ම ග්‍රීන් ටී පානය කිරීම නොකළ යුතු දෙයක්.එමඟින් ශරීරය විජලනය වීම ට වගේම ගැස්ට්‍රයිටිස් ගැස්ට්‍රයිටිස් ඇතිවීමට පුළුවන්.සමහර අවස්ථා වලදී වමනය ,ක්ලාන්තය ,ශරීරය සෘජුව තබා ගැනීමට අපහසු වීම වැනි දෑ සිදුවීමට පුළුවන්.
  • ඔබ ගැස්ට්‍රයිටිස් වැනි රෝගයන්ගෙන් පෙළෙන කෙනෙක් නම් එය ආහාර සමඟ පානය කිරීම නුසුදුසු බවයි පැවසෙන්නේ.
  • දිනකට green tea කෝප්ප තුනකට වඩා පානය කිරීමත් ශරීරයට ඔරොත්තු දෙන්නේ නැහැ.ඒ සමහර අත්‍යවශ්‍ය පෝෂණ කොටස් ශරීරයට ලැබීම ඉන් වලක්වාළන නිසයි.
  • විශේෂයෙන් මතක තබා ගත යුතු කාරණය වන්නේ කුඩා දරුවන්ට ග්‍රීන් ටී ලබා නොදිය යුතු බව.එයට හේතුව ආහාරවලින් ලැබිය යුතු සමහරු පෝෂණ කොටස් green tea මගින් ශරීරයට උරා ගැනීම යම් තරමකට වළක්වන නිසායි.

Related Articles

Don't Miss


Latest Articles