අලුත් අවුරුද්දට සොෆ්ට් එකට බටර් කේක් හදමු.

පැයක් වගේ කෙටි කාලයකින් සොෆ්ට් බටර් කේක් එකක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද? පුංචි බබාලාටත් මේ කේක් එක රස විඳින්න පුලුවන්. හරිම පහසු සරල මේ කේක් එක මේ විදියට හදලා බලමු.

කිලෝ එකක කේක් එකකට අවශ්‍ය වෙන්නේ මේවා..

  • බටර් හෝ මාගරින් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 250
  • බිත්තර 4
  • පාන්පිටි ග්‍රෑම් 250
  • බේකින් පවුඩර්
  • වැනිලා ස්වල්පයක්

මෙන්න මෙහෙම හදා ගන්න.

  • සීනි හා බටර් හොඳින් බීට් කර ගන්න.
  • මෙයට බිත්තර හතර වරින් වර එකතු කර විනඩි විස්සක් පමණ හොඳින් බීට් කරන්න.
  • එයට වැනිලා තේ හැඳි දෙකක් එකතු කරන්න.
  • පාන්පිටි ග්‍රෑම් 250ට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කර තුන් වතාවක් හලා ගන්න.
  • බටර් මිශ්‍රණයට පාන්පිටි එකතු කර එක දිශාවකට පමණක් කලවම් කරගන්න.අඟල් 8×8 කේක් තැටියකට තෙල් කඩදාසි අතුරා ගන්න.
  • සෙල්සියස් අංශක 180 හා ෆැරන්හයිට් අංශක 360 දී විනාඩි හතලිහක් පමණ බේක් කරගන්න.

බොහොම පහසුවෙන් සරලව සොෆ්ට් බටර් කේක් එකක් ඒ විදියට හදා ගන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් ඔබට ඒ ගැන තව දුරටත් දැන ගන්න පුලුවන්.

Related Articles

Don't Miss


Latest Articles