රසායනික ද්‍රව්‍යයෙන් තොර ඔබේ රුව වඩන ස්භාවික රූපලාවන්‍ය සත්කාර රහස් දැනගන්න

සෑම කාන්තාවකගේම පැතුම සුන්දර රුවක් හිමිකරගැනීම.ඉතින් ලොකු මුදලක් වියදම් කර මිලදී ගන්නා කෘතීම ආලේපන කොතරම් දුරට රුව රැක දෙනවාද කියන එක විවාද සම්පන්න මාතෘකාවක්ඉතින් සොබා දහම අපට තිලිණ කරන ස්වාභාවික සත්කාර කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නයි අපේ මේ සූදානමඑදිනෙදා ගෙදරදොර හමුවන මේ ස්වාභාවික ද්‍රව්‍ය ඖෂධීය ගුණයෙන් පිරිපුන් වගේම අතුරු ආබාධ වලිනුත් තොරයි.ඒ වගේම මුදලුත් ඉතිරිවෙනවා.

කොහොඹ

neem-leavesරුව ලස්සන කරන ප්‍රතිකාර අතර ඉදිරියෙන්ම ඉන්නේ කොහොඹකොහොඹ ගහේ ඕනෑම කොටසක් රුපලාවන්‍ය කටයුතු සඳහා යොදාගත හැකිවීම විශේෂත්වයක්.

කුරුලෑ වලට කොහොඹ කොළ ටිකක් අරගෙන උණුවතුරෙන් තම්බා ගන්නනිවුණු පසු එයට පුළුන් ගුලියක් දමාඑය ජලයෙන් පොඟවාගෙන මුහුණ පුරා ආලේපකරන්නකොහොඹපිපිඤ්ඤා ෆේස් පැක් එකක් භාවිතා කිරීමෙනුත් මුහුණේ තෙල් ගතිය ඉවත් කල හැකියි.

කෙස් වලට කොහොඹ තෙල් ටිකක් ඇඟිලි තුඩුවලට අරගන්නඒවා ආලේප කරමින් හිස්කබල හොඳින් සම්බාහනය කරන්න.

හිස් හොරි වලට කොහොඹ කුඩු වලට ජලය දමා,තලපයක් සාදාගෙන හිසේ ආලේපකර පැයක් පමණ තබා සෝදා හරින්නඉන්පසු ෂැම්පු කරගන්න.

කුංකුම

saffron-extractකුංකුම සමේ පැහැය වැඩි කරවන ස්වාභාවික ද්‍රව්‍යක්කුංකුම රෝස වතුර සමඟ මිශ්‍ර කර ගන්නමඳ වේලාවක් තබන්නඉන්පසු පුළුන් ගුලියක් පොඟවා මුහුණේ ආලේප කරගන්න.

කුංකුම එළකිරි සමඟ මිශ්‍රකර පැය භාගයක් පමණ තියන්න.සඳුන් කුඩු තේ හැන්දක් එම මිශ්‍රණයට දමන්න.මුහුණේ ආලේප කර විනාඩි 15 -20 පමණ තබා සෝදා හරින්න.

මී පැණි

honeyපහසුවෙන් ලබා ගත හැකි මී පැණි ඉතාමත් ජනප්‍රිය සත්කාරයක්මී පැණි මඟින් සමට තෙතමනය වගේම කැළැල් ඉවත් කිරීමටත් යොදා ගන්න පුළුවන්පිළිස්සුම් හෝ වෙනත් තුවාල කැළලක් මත නොකඩවා මී පැණි ආලේප කිරීමෙන් ඉක්මනින් කැළල මකා ගන්න පුළුවන්.

නෙල්ලි

boosts-immunity

නෙල්ලි කුඩු හෝ යුෂ ගෙන ඒ ප්‍රමාණයටම දෙහි යුෂ එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර හිස් කබලට ආලේප කරන්න.වියලෙන්නට හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.

කහ

turmericකහ රුපලාවන්‍ය කටයුතු සඳහා නැතිවම බැරි දෙයක්. සමෙහි රැළි අඩුකරගැනීමට කහ බෙහෙවින්ම උපකාර වෙනවා.

සහල් කුඩු කරගන්නඑළකිරි සහ තක්කාලි යුෂ ගෙන මේ සියල්ල කහ සමඟ මිශ්‍ර කරන්න.එවිට හැදෙන උකු මිශ්‍රණය සමෙහි ආලේප කර වියලෙන තුරු තබන්නපසුව සෝදා හරින්න.

කකුල් පැලෙනවාට කහවලට පොල්තෙල් මිශ්‍ර කරන්න.ස්නානයට පෙර පාදයේ පැලුම් ස්ථාන වල ආලේප කර විනාඩි පහළවක් පමණ තබා සෝදා හරින්න.

සඳුන්

sandalwood-powder

සඳුන් වලට අමුකිරි මිශ්‍ර කරඑය මුහුණේ තවරාවිනාඩි විස්සක් පමණ තබන්නඉන්පසු සෝදා හරින්න.

ඉතින් මේ අප ඔබට ඉදිරිපත්කල ස්වාභාවික සත්කාරයන් විවේක වේලාවකදී අත්විඳින්න ඔබ උනන්දුවේවි කියලා අප හිතනවා.රුව ලස්සන කරගැනීමට අමුතුවෙන් මහන්සි වෙන්න ඕනා නෑ කියලා ඔබට හිතේවි.මේ සියල්ලම එදිනෙදා අපට පහසුවෙන් ගෙදර දොර හමුවන මෙන්ම පහසුවෙන් සොයා ගත හැකි ද්‍රව්‍ය නිසා.

– චම්මි –

Related Articles

Don't Miss



Latest Articles

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...

(අ) හිමි සිහින -229

පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ...

නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා...

අවුරුදු 55 දී IVF තාක්ෂණය භාවිතා කර සිහිනය සැබෑ කරගත් අම්මා

කෙලී ක්ලාක් සිය ජීවිතය ගත කළේ මතකයන් ගොඩනඟා ගැනීමට සහ විවිධ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. ඇය ගුවන් තොටුපළ පර්යන්ත කළමනාකරුවෙකු ලෙස...

සුහදිනි -74

සකී අහස්ගේ නිවසට ගියේ නිම්නා ද සමඟ ය.හිමිදිරි පාන්දර අහස්ගේ නිවසට යද්දී ඔහු අවදිව වූවා පමණකි.සකී රැගෙන යන්නට එන බවට පිළිණ දුන්නාට...